දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සදහා රජය උත්සුක වන්නේ නම් පමණක් රජයේ අයවැයට දෙමළ ජාතික සන්ධානය සහය පල කරණ මෙන් තමන් දෙමළ ජාතික සන්ධානය...
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සදහා රජය උත්සුක වන්නේ නම් පමණක් රජයේ අයවැයට දෙමළ ජාතික සන්ධානය සහය පල කරණ මෙන් තමන් දෙමළ ජාතික සන්ධානයේ නායකයින්ගෙන් ඉල්ලා සිටි බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා පැවසීය.
ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ උතුරු පළාත් මහ ඇමති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදිය.
උතුරු පළාත් දේශපාලන නියෝජිතයින් හා සිවිල් සංවිධාන සාමාජිකයින් සමග උතුරු පළාත් මහඇමති සි.වි.විග්නේෂ්වරන් මහතා සාකච්ඡාවකට එක් වුණි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය සි.වි.විග්නේෂ්වරන් මහතා මෙසේ පැවසීය.
“කරුණා අම්මාන් වගේ අය දීපු අණ ක්‍රියාත්මක කරපු තරුණයින් අවුරුදු 18 ක් 19 ක් විතර කාලයක් හිරේ ඉන්නවා. ඒත් අණ දිපු අය එළියේ ලස්සනට ඉන්නවා. මේක ජනතාව ඉදිරියට ගෙනියන්න ඕන කියලා අපි තීරණය කළා. ඉදිරියේදි තියෙන අය වැය විවාදයේදි තීරණයක් ගනිද්දි දෙමළ සිරකරුවන් වහාම නිදහස් කළේ නැත්නම් අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කරන්න කියලා රජයට දැනුම් දෙන්න කියලා කියන්න සිවිල් සාමාජිකයින් සමඟ පැවති සාකච්ඡාවේදි අපි තීරණය කළා.“
මේ තීරණය මම දෙමළ ජාතික සන්ධානයේ නායකයින් වෙත දැනටමත් දැණුම් දී හමාරයි.රජයට හැමදාම එක ප්‍රශනයක් වෙණුවෙන් දෙමළ ජාතික සන්ධානය රවට්ටවන්න ඉඩ නොතැබිය යුතුයි.
(දිනසේන රතුගමගේ)
COMMENTS