'දැවෙන විහඟුන්' චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා සමග ඇතිවූ ප්‍රශ්නය මුල්කර ගනිමින් තමා කුරුඳුවත්ත පොලිස් ස්‌ථානයට ගිය අවස්‌ථාවේදී කිසිදු අ...
'දැවෙන විහඟුන්' චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා සමග ඇතිවූ ප්‍රශ්නය මුල්කර ගනිමින් තමා කුරුඳුවත්ත පොලිස් ස්‌ථානයට ගිය අවස්‌ථාවේදී කිසිදු අයුරකින් කලහකාරීව නොහැසිරුණු බවත් එහිදී පොලිසිය තමාට කිසිදු අවවාදයක් ලබා නොදුන් බවත් ප්‍රවීණ රංගනවේදිනී අනෝමා ජනාදරී මහත්මිය "දිවයින"ට ඊයේ (18 දා) ප්‍රකාශ කළාය.
'දැවෙන විහඟුන්' චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ සංජීව පුෂ්පකුමාර සහ තමා අතර ඇති කරගත් එකඟතා ගිවිසුම කඩ කිරීම සහ විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් තමා කුරුඳුවත්ත පොලිසිය තුළදී තර්කානුකූලව කටයුතු සිදුකළේ තමාගේ නීතිඥයා ද එහි රැඳී සිටියදී යෑයිද ඇය කීවාය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්‌වූ ප්‍රවීණ රංගනවේදිනී අනෝමා ජනාදරී මහත්මිය මෙසේද කීවාය.
මම සංජීව සහ මා අතර ඇති කරගත් ගිවිසුම පොලිසියටත් ඉදිරිපත් කළා. ඔහු මට කිව්වා චිත්‍රපටයේ ප්‍රධාන නිළිය හැටියට කරනු ලබන ගෙවීම චිත්‍රපටය තිරගත වුණාට පසු ගෙවනවා කියලා. නමුත් ඔහු තවමත් ඒ දේ කරලා නැහැ. ඔහු තමයි ගිවිසුම උල්ලංඝනය කළේ. මට කළ මේ වංචාවට එරෙහිව මම ඔහුට දැනටමත් නීති පියවර අරගෙන තියෙනවා.
උපුටා ගැනිම - Divaina
COMMENTS