ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුනු කණ්ඩායම් එක්ක ආණ්ඩු පිහිටුවන්න එක්සත් ජාතික පක්ෂය සූදානම් නැති බව රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය...
ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුනු කණ්ඩායම් එක්ක ආණ්ඩු පිහිටුවන්න එක්සත් ජාතික පක්ෂය සූදානම් නැති බව රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
විවිධ මාධ්‍ය ඔස්සේ ආණ්ඩුව සම්බන්ධයෙන් පලවන වාර්තා සම්බන්ධයෙන් 2018 ඔක්තෝබර් මස 09 වන දින පාර්ලිමේන්තුවේදී එස්.එම්.මරික්කාර් මන්ත්‍රීතුමා ප්‍රශ්න කල අවස්ථාවේ පිලිතුරු ලබාදුන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා , මේ රටේ ජනවරම තිබෙන්නේ යහපාලන ආණ්ඩුවට. නැත්නම් එක්සත් ජාතික පෙරමුණට. ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුනු කණ්ඩායම් එක්ක ආණ්ඩු පිහිටුවන්න එක්සත් ජාතික පක්ෂය සූදානම් නැහැ. ප්‍රතික්ෂේප වුනු කණ්ඩායම් එක්ක ආණ්ඩු පිහිටුවන්න ජනවරමකුත් නැහැ යනුවෙන් අදහස් දැක්වීය.
වරප්‍රසාද ප්‍රශ්ණයක් නඟමින් චන්දිම වීරක්කොඩි මන්ත්‍රීතුමා සිදුකල ප්‍රකාශයට පිලිතුරු ලබාදුන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේ අදහස් දැක්විය.
වරප්‍රසාද මුවාවෙන් දේශපාලනය කතාකරන මෙතුමාත් ආණ්ඩුවේ හිටියා. ජීවන වියදම වැඩි වෙලානම් ඔබතුමාත් ඒකේ කොටස් කාරයෙක්. අවුරුදු තුනක් ආණ්ඩුවේ ඉඳලා ලැජ්ජා නැතුව විපක්ෂයට ගිහින් චෝදනා කරන්නේ දේශපාලන අවස්ථාවාදීන්. මම පොදු පෙරමුණ රජයෙන් ඉවත් වෙලා, එක්සත් ජාතික පක්ෂයට ඇවිත් අවුරුදු 15ක් වෙනවා. යනුවෙන් අදහස් දැක්වීය.
COMMENTS