වයඹ පළාත් සභාවේ නිල කාලය අදින් අවසන් වෙයි. ඒ අනුව එහි පාලනය ආණ්ඩුකාරවරයා යටතට පැවරෙනු ඇත. වයඹ පළාත් සභාවේ නිල කාලය අවසන් වීමත් සමඟ මේ වන...
වයඹ පළාත් සභාවේ නිල කාලය අදින් අවසන් වෙයි.
ඒ අනුව එහි පාලනය ආණ්ඩුකාරවරයා යටතට පැවරෙනු ඇත.
වයඹ පළාත් සභාවේ නිල කාලය අවසන් වීමත් සමඟ මේ වන විට පළාත් සභා 05 ක නිල කාලය අවසන් වී තිබේ.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී උතුරුමැද, නැගෙනහිර සහ සබරගමුව යන පළාත් සභාවල නිලකාලය අවසන් වුණි.
මීට අමතරව පසුගිය සඳුදා මධ්‍යම පළාත් සභාවේ නිල කාලයද අවසන් වූ අතර මේ මස 25 වනදා උතුරු පළාත් සභාවේ නිල කාලය අවසන් වෙයි.
ලබන වසරේ අප්‍රේල් මස 10 වනදා දකුණු පළාත් සභාවේත්, 21 වනදා බස්නාහිර පළාත් සභාවේත්, සැප්තැම්බර් මස 08 වනදා ඌව පළාත් සභාවේත් නිල කාලය අවසන් වීමට නියමිතයි.
මේ අතර පළාත් සභා සීමානීර්ණ සමාලෝචන කමිටු වාර්තාව මේ වන විට සකස් කරමින් පවතින බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
කෙසේවෙතත් එම වාර්තාව ප්‍රකාශයට පත්කරන දිනය සම්බන්ධයෙන් මේ වන තෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව වාර්තා වෙයි.
COMMENTS