කො ළඹ ඊයේ සිදුවූ පිපිරීමකින් ඩෙන්මාර්ක් ධන කුවේරයෙකු වන 46 හැවිරිදි Anders Holch Povlsenගේ දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ඩේලි මේල් ව...
කොළඹ ඊයේ සිදුවූ පිපිරීමකින් ඩෙන්මාර්ක් ධන කුවේරයෙකු වන 46 හැවිරිදි Anders Holch Povlsenගේ දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව ඩේලි මේල් වෙබ් අඩවිය වාර්තා කරනවා.
ඔහු දරුවන් සිව්දෙනෙකුගේ පියෙකු වන අතර ඉන් තිදෙනෙකුම මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු වූවා.
ඔහුගේ දරුවන් සිව්දෙනා මීට දින කිහිපයකට පෙර මෙරට ප්‍රධානපෙලේ හෝටලයක නිවාඩුවක් ගතකරන අයුරු දැක්වෙන ඡායාරූපයක් ද ඔවුන් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුනා.
කෙසේ වෙතත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ Anders Holch Povlsen දරුවන් තිදෙනෙකු ඊයේ කොළඹ සිදුවූ පිපිරීමකින් ජීවිතක්ෂයට පත්වූ බවයි.
Anders Holch Povlsen සැලකෙන්නේ ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා ලෙසයි.
ඔහුට එංගලන්තයේ පිහිටා ඇති ASOS නමැති රෙදි සහ ස්වර්ණාභරණ ව්‍යාපාරයේ වැඩිම කොටස් හිමි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම ඩෙන්මාර්ක වංශාධිපතියෙකු වන Anders මහා බ්‍රිතාන්‍යයේ දෙවන වැඩිම ඉඩම් හිමියාද වනවා.
මේ අවාසනාවන්ත පුවත සැලවීමත් සමඟ ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටින ඩෙන්මාර්කයේ තානාපතිවරයා ද තත්වය සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

COMMENTS