දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය කිසිම විටක ඉන්දීය ඔයිල් සමාගමට පවරා දෙන්නේ නැහැ" - අර්ජුන රණතුංග
Homeප්‍රවෘත්ති

"ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය කිසිම විටක ඉන්දීය ඔයිල් සමාගමට පවරා දෙන්නේ නැහැ" - අර්ජුන රණතුංග

PropellerAds

රටට අවාසි වන සේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය කිසිම විටක ඉන්දීය ඔයිල් සමාගමට පවරා නොදෙන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතු...

බදුල්ල කුණු කන්ද ගිනි ගනී - නගරය පුරා විසදුම පැතිරයයි
සුළු ජන ගැටළු පිළිබඳ නියෝජිතවරිය දිවයිනට
ස්ටෙන්ස් අවභාවිතය වැළැක්වීමට විශේෂ චක‍්‍රලේඛයක්

රටට අවාසි වන සේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය කිසිම විටක ඉන්දීය ඔයිල් සමාගමට පවරා නොදෙන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 

ඔහු මේ බව ඊයේ (12) කියා සිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ දේශපාලන පලිගැනීම්වලට ලක් වූවන්ට සහන සැලසීමේ උත්සවයට එක් වෙමිනි. 

රට පාවාදීම තම ප්‍රතිපත්තිය නොවන බවත් රටට හානිවන කිසිම දෙයක් කිසිම විටක සිදු නොකරන බවත් ඒ මහතා පෙන්වා දෙයි. 

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය රටට වාසි සහගත වන සේ සංවර්ධනය කිරීම තමන්ගේ අරමුණ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙසේද පැවසීය. 

“ත්‍රිකුණාමලයේ තෙල්ටැංකි සියල්ලම ගිවිසුමක් ගහලා ඉන්දියානු ඔයිල් සමාගමට ලබා දුන්නේ 2003 වර්ෂයේදී. එතැන් සිට අද වෙනතුරුම ඒ තෙල් ටැංකි සංකීර්ණයේ කිසිම සංවර්ධන කටයුත්තක් වෙලා නැහැ. ඉන්දියානු ඔයිල් සමාගම තෙල් ටැංකි තමන්ගේ පරිහණයට ගෙන ලාභ ලබා ගන්නවා. 2003 වසරේදී ජනතා විමුක්ති පෙරමුණත් එක්ක අපි ආණ්ඩුවක් හැදුවා. එදා තෙල් ටැංකි ගිවිසුමේ වැරදි තිබුණා නම් එවකට ජනාධිපතිතුමිය ලෙස සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියත් සමඟ එක්ව එම ගිවිසුම වෙනස් කර ගන්න ඔවුන්ට තිබුණා. ඇත්ත නම් අත්සන් කළ ගිවිසුමක් වෙනස් කරන්න අපහසුයි. ඒත් කැබිනට් මණ්ඩලය හරහා එම ගිවිසුම රටට වාසි ලෙස වෙනස් කර ගැනීමට මම කටයුතු කර තිබෙනවා."

"දැනට ඉන්දීය ඔයිල් සමාගම භාවිත කරන තෙල් ටැංකි ගණන 15ක්. ඉතිරි ටැංකි සංවර්ධනය කිරීමට ඉන්දීය ඔයිල් සමාගමත් අපේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් එක් වී පොදු ආයතනයක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මේ වන විට ලැබී තිබෙනවා. එහිදී එලෙස සංවර්ධන කරන ටැංකිවලින් 16ක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටම අයිති කර ගැනීමටත් කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ඒ අනුව ඉතිරි ටැංකි 69 ඒකාබද්ධ ව්‍යාපාරයක් යටතේ පරිහරණය කෙරෙනවා. ඇත්තටම මටත් මේ ටැංකි සංකීර්ණය ගැන නොලබා අහක බලා ගෙන ඉන්න තිබුණා. තව අවුරුදු දෙකයිනේ තියෙන්නේ ඔන්න ඕක ඔහෙ ඉන්දියන් ඔයිල් සමාගමට යන්න දීලා නිකම් බලාගෙන ඉන්න තිබුණා. නමුත් මම එහෙම කළේ නැහැ. මට මොන චෝදනාව ආවත් මම දන්නවා ‍මම මගේ රටට වරදක් කරන කෙනෙක් නෙමෙයි කියලා. මට අද මොන විවේචන කළත් මම එක මතයක ඉන්නවා. මේ තෙල් ටැංකි සංවර්ධනය කළ යුතුයි. ඒ විතරක් නෙමෙයි 2003 වසරේදී මේ ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබා දීමට ගිවිසුම් අත්සන් කරන විට මේ රටේ දරුණු යුද්ධයක් තිබුණා. එවෙලේ ඉන්දියන් ඔයිල් සමාගමට මේ ටැංකි සංකීර්ණය  දුන්නේ නැත්නම් සමහර විට ටැංකි ටික විතරක් නෙමේ ඔය ප්‍රදේශම බෝම්බවලින් විනාස වෙන්නත් තිබ්බා. නමුත් ඒවා ආරක්ෂා වුණා. මම කියන්නේ දේශපාලනඥයින්ට මේවා ගැන බලන්න හොඳ ඇසකින්. හැම වෙලේම කුහක වෙන්න එපා.” යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසිය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය කිසිම විටක ඉන්දීය ඔයිල් සමාගමට පවරා දෙන්නේ නැහැ" - අර්ජුන රණතුංග
"ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය කිසිම විටක ඉන්දීය ඔයිල් සමාගමට පවරා දෙන්නේ නැහැ" - අර්ජුන රණතුංග
http://am.lk/media/k2/items/cache/0a7cae279ee0a85d1a46bc817677da0e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_245.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_245.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy