දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"අපේ ජනපතිට එරෙහි දේශපාලනික ඝාතන කුමන්ත්‍රණය ඊයේ ක්‍රියාත්මක වුණා" - එස්.බී ගෙන් හෙළිදරව්වක්
Homeප්‍රවෘත්ති

"අපේ ජනපතිට එරෙහි දේශපාලනික ඝාතන කුමන්ත්‍රණය ඊයේ ක්‍රියාත්මක වුණා" - එස්.බී ගෙන් හෙළිදරව්වක්

PropellerAds

ඉකුත් අඟහරුවාදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉන්දියාවේ රෝ සංවිධානය තමාව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරමින් සිටින බවට ජනාධිපති මෛත්‍රීපාල සි...

‘මා අහසේ පියඹනවා..’ ජනපතිට විරුද්ද මඩ විඩියෝ නිෂ්පාදක පොලිසියට කොචොක් කරමින් රටින් පලා යයි.. අතහිත පොලිස් කොමිසමෙන්
13 ක‍්‍රියාත්මක කරන්න බහුතතර සිංහලයන්ගේ අනුමැතිය ඔ්නෑ.. වටවංගු නෑ.. ජනපති ඉන්දියාවේදී කෙලින්ම කියයි..[Video]
president gotabaya in India media conference

ඉකුත් අඟහරුවාදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉන්දියාවේ රෝ සංවිධානය තමාව ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරමින් සිටින බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චෝදනා කර ඇතැයි ඉන්දියාවේ ද හින්දු පුවත්පතේ වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඊයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා නරේන්ද්‍ර මෝඩි  අග්‍රාමාත්‍යවරයා අතර පැවති දුරකථන සංවාද සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කලේය.

නිවේදනයේ සඳහන් වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ කුමන හෝ සම්බන්ධයක් ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා තමා ප්‍රතික්ෂේප කරන බව එම දුරකථන සංවාදයේදී ජනාධිපතිවරයා සඳහන් කළ බවයි.

එමෙන්ම එම වැරදි මාධ්‍ය වාර්තා හරහා නායකයින් දෙදෙනා අතර අනවබෝධයක් ඇති වීමට සහ රටවල් දෙක අතර දිගුකාලීන සබඳතාවය පලුදු කෙරෙන බවද ජනාධිපතිවරයා පැවසූ බවද එම නිවේදනයේ සදහන් වේ.

මෙන්ම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ වාර්තා වැරදි බවට තරයේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රශංසාවට ලක් කළ බවත් අසල්වාසීන්ට මුල්තැන දීමේ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සෑම ක්ෂේත්‍රයකම සබඳතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අදහස් පළ කළ බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම අද මාධ්‍ය හමුවක් කැඳවා කරුණු පැහැදිලි කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා මෙසේ අදහස් දැක්විය.

"හැබැයි පුදුමාකාර හදිස්සියකින් අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවෙන් ඉල්ලනවා මේ කරුණු සම්බන්ධයෙන් කතා කරන්න වෙලාවක් අවශ්‍යයි කියලා. ඒක නිසා තමයි කලබල වෙච්ච මෝඩි අගමැතිතුමා ජනාධිපතිතුමා එක්ක මම හිතන්නේ දුරකථන සාකච්ජාවකට එන්න ඇත්තේ. මොකක්ද මේ කරන්න යන්නේ. කරන්නේ ඉන්දියාවත් එක්ක තියෙන සියලු සම්බන්ධතා, මිත්‍ර සම්බන්ධතා මේ සියල්ලගෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ඈත් කළා. ඒකෙ එකම අරමුණයි. ජිවිත ඝාතනයට එහා ගිය මෛත්‍රිපාල සිරිසේන දේශපාලන වශයෙන් ඝාතනය කිරීමේ දෙවෙනි කුමන්ත්‍රණය ඊයේ ක්‍රියාත්මක වුණා."

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "අපේ ජනපතිට එරෙහි දේශපාලනික ඝාතන කුමන්ත්‍රණය ඊයේ ක්‍රියාත්මක වුණා" - එස්.බී ගෙන් හෙළිදරව්වක්
"අපේ ජනපතිට එරෙහි දේශපාලනික ඝාතන කුමන්ත්‍රණය ඊයේ ක්‍රියාත්මක වුණා" - එස්.බී ගෙන් හෙළිදරව්වක්
http://am.lk/media/k2/items/cache/10b252701c1ecbbf06d0931bde894d3e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_208.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/10/blog-post_208.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy