මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට මරණ දඩුවම නියම වී සිටින ගම්පල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැති විත්තිකරුට ...
මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට මරණ දඩුවම නියම වී සිටින ගම්පල විදානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නමැති විත්තිකරුට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ තවත් නඩුවක් පවරා තිබේ.
වසරක කාලයක් තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් උපයා ගන්නා ලද රුපියල් මිලියන 31කට අධික මුදලක් විශුද්ධිකරණය කරන ලදැයි චෝදනා කරමින් නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණි.
අදාළ නඩුව ලබන දෙසැම්බර් 05 වැනි දා විභාගයට ගැනීමට නියමිතය.
COMMENTS