මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලේ සිදු කරන ලද කැනීම් තුළින් ඊයේ (10) උදෑසන වන විට සිරුරු කොටස් 175 ක් හමු...
මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනීවලේ සිදු කරන ලද කැනීම් තුළින් ඊයේ (10) උදෑසන වන විට සිරුරු කොටස් 175 ක් හමුවී ඇති කැනීම් පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මන්නාරම් සමූහ මිනිස් වලේ කැනීම් කටයුතු අද වන විට 84 වන දිනට සිදු කෙරෙන අතර ගොඩගත් සිරුරු 175 න් සම්පූර්ණ සිරුරු 169 කට අදාළ අස්ථි තමන්ගේ භාරය යටතේ මන්නාරම අධිකරණ සංකීර්ණයේ විශේෂිත කුටියක තැන්පත් කොට ඇති අතර, ගොඩගත් අස්ථි කොටස් කාබන් පරීක්ෂා කිරීමක් වෙනුවෙන් රසායනාගාරයක් වෙත යැවීමට නියමිත බවටද විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබීය.
මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස් රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.
වර්ථමානයේ මන්නාරම නව මහේස්ත්‍රාත් ටී.සර්වනරාජා මහතාගේ නියෝග යටතේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිළධාරීන්,මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වති.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS