නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ ආසන 125ක බහුතර බලයක් තිබෙන බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත...
නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ ආසන 125ක බහුතර බලයක් තිබෙන බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ වැඩි බහුතර බලය ලිඛිතව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැන්වීමෙන් අනතුරුව නව අගමැතිවරයා ලෙස දිවුරුම් දී ඇත.
ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බහුතර බලයක් හිමි ආණ්ඩුවක් පිහිටුවීමට නියමිත අතර එහි කැබිනට් මණ්ඩලය 30කට සීමා වනු ඇතැයි වාර්තා වේ.
එම බහුතර බලය ඇති පුද්ගලයාට අගමැති ධුරය පිරිනමන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගිය දිනවලදී ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව මහින්ද රාජපක්ෂ තමාට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව පෙන්වා ඇති අතර ඔහුට අගමැති ධුරය ලබා දී ඇත.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට එක්සත් ජාතික පක්ෂය මැදිහත් වීමෙන් සිදු වී තිබෙන බව මේවන විට තහවුරු වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පැවසී ය.
COMMENTS