දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
යුද හමුදාවට භාරවූවන් ඝාතනය කළ බව රාජපක්ෂ පාලනයේ ඇමතිවරු පිළිගනිති [VIDEO]
Homeගොසිප්

යුද හමුදාවට භාරවූවන් ඝාතනය කළ බව රාජපක්ෂ පාලනයේ ඇමතිවරු පිළිගනිති [VIDEO]

PropellerAds

යුද්ධාවසානයේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට භාරවූ එල්ටීටීඊ සාමාජිකයන් ඇතුළු දෙමළ පිරිස් ඝාතනය කරන ලද බව රාජපක්ෂ පාලනයේ අමාත්‍ය ධුර හෙබවූ දෙදෙ...

මෙවර අයවැයේ රජයේ සේවක පඩි ගැන කතාවක් නෑ
අයවැයෙන් මිල අඩුවන ආහාර ද්‍රව්‍ය
විමල්ගේ නිවසේ මියගිය තරුණයාගේ දුරකථන 7 ක් ගැන පරීක්ෂණ



යුද්ධාවසානයේ දී ශ්‍රී ලංකා යුද හමුදාවට භාරවූ එල්ටීටීඊ සාමාජිකයන් ඇතුළු දෙමළ පිරිස් ඝාතනය කරන ලද බව රාජපක්ෂ පාලනයේ අමාත්‍ය ධුර හෙබවූ දෙදෙනකු විසින් පිළිගෙන තිබේ.

යුද පීඩිත දෙමළ ජනතාව ප්‍රමුඛ දේශීය හා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මෙන්ම දෙමළ ඩයස්පෝරාවද දශකයකට ආසන්න කාලයක් තිස්සේ කරන එම චෝදනාව මෙසේ පිළිගනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවයත්, මහින්ද පාර්ශවයත් ඒකාබද්ධ කිරීම වෙනුවෙන් වෙහෙසෙන හිටපු ඇමැතිවරුන් දෙදෙනකු විසිනි.

“අපිත් දන්න සමහර අය ඉන්නවා බාර උනා. හැබැයි ඒ අය මරලා තියෙනවා,” යි යුද සමයේ උසස්‌ අධ්‍යාපන අමාත්‍ය එස්‌. බී. දිසානායක කොළඹදී මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

ඒ අතරින් එල්ටීටීඊයේ අම්පාර මඩකලපුව සෙන්පතියා වූ රමේෂ් ද හමුදාව විසින් ඝාතනය කරනු ලැබුවේ භාරවීමෙන් අනතුරුව බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයා ප්‍රකාශ කළේය.

කරුණා නමින් ප්‍රකට විනායගමුර්ති මුරලිදරන් විමුක්ති කොටි සංවිධානයෙන් වෙන්වී යුද හමුදාව සමග එක්වීමෙන් පසු අම්පාර මඩකලපුව යුද මෙහෙයුම් එල්ටීටීඊය විසින් භාරදෙන ලද්දේ තම්බිරාජා තුරෙයිරාජසිංහම්ටය.

යුද භුමියේ කර්නල් රමේෂ් නමින් හැඳින්වුනු ඔහු රජයේ හමුදාවට භාරවීමට විනාඩි දහයකට පෙර තමන්ට ඒ බව දුරකතනයෙන් දැනුම් දුන්නේ යයි හිටපු අමාත්‍ය එස්‌. බී. දිසානායක හෙළි කළේය.

“රමේෂ් බාර උනා. රමේෂ් ව මැරුවා. එහෙම ඒවා තියෙනවා,” යි ඔහු පැවසුවේ සැහැල්ලුවෙනි.

යුද හමුදා අත් අඩංගුවේ ජීවතුන් අතර සිටින කර්නල් රමේෂ් ගෙන් සෙබළුන් ප්‍රශ්න කරන ආකාරයත්, ඉන් පසු ඔහු මරා දමා ඇති ආකාරයත් දැක්වෙන චැනල් 4 රූපවාහිනිය විසින් ප්‍රචාරය කරන ලද වීඩියෝ දර්ශන රජය විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ අසත්‍ය නිර්මාණය ලෙස හෙලා දකිමිනි.

මෙම වාර්තාව සමග පලකොට ඇති වීඩියෝවේ දැක්වෙන රමේෂ්ගෙන් ප්‍රශ්න කරන සෙබළුන් පවසන පරිදි එදින 22 දාවකි.

ශ්‍රී ලංකා රජය යුද්ධය හමාර වූ බව ප්‍රකාශ කළේ 2009 මැයි 19 දාය.


සුදු කොඩි ඝාතන

එල්ටීටීඊ සංවිධානයේ දේශපාලන අංශ ප්‍රධානී බාලසිංහම් නඩේසන් සහ සාම කාර්යාංශ ප්‍රධානී සීවරත්නම් පුලිදේවන් දෙදෙනා යුද්ධයේදී මළ බවට ප්‍රකාශ කරන ආණ්ඩුව ඔවුන් සුදු කොඩි රැගෙන භාරවීමෙන් පසු මරා දමන ලද බවට විශ්වසනීය සාක්ෂි සහිතව නැගී ඇති චෝදනා මේ තාක් විභාග කර නැත.

ඔවුන් සම්බන්ධයෙන්ද හිටපු අමාත්‍යවරයා ඉඟියක් පල කළේය.

“ඔබතුමාලා අපි දෙගොල්ලොම නොකියන තව කට්ටියකුත් ඉන්නවනේ? හොඳටම දන්නවනේ බාරවෙලා තමයි මැරුනේ කියලා අපි කියන් නැති කට්ටියකුත් ඉන්නවානේ? ඔබතුමාලාත් දන්නවා අපිත් දන්නවා.”

දිසානායක අමාත්‍යවරයා සමග මාධ්‍යවේදීන් හමුවට පැමිණ සිටි හිටපු විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබ සාධන අමාත්‍ය ඩිලාන් පෙරේරාද යුද සමයේදී නිරායුද දෙමළ වැසියන් ඝාතනය කරන ලද බව පිළිගත්තේ ය.

ඒ සම්බන්ධයෙන් ඔහු චෝදනා කළේ යුද්ධය මෙහෙයවූ හමුදාපති සරත් ෆොන්සේකාටය.

වර්තමාන රජයේ අමාත්‍යවරයකු වන ෆීල්ඩ් මාර්ෂල් ෆොන්සේකා හමුදාපති වී සිටින සමයේ “මාධ්‍යවේදීන්ට, මාධ්‍ය ආයතන වලට විතරක් නෙවෙයි, අහිංසක දෙමළ ජනතාව අනන්තවත් ඝාතනය කළා,” යි හිටපු අමාත්‍ය ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධ කිරීම පිළිබඳ චෝදනා විභාග වන විදේශීය දායකත්වයෙන් යුත් විමර්ශනයක සාක්ෂි දීමට ඇති සුදානම යුද සමයේ හමුදාපති සරත් ෆොන්සේකා වෙතින් පලවී තිබේ.

සුදු කොඩි ඔසොවාගෙන පැමිණි නඩේසන් සහ පුලිදේවන් ඇතුළු පිරිස් ඝාතනය කිරීම යුද අපරාධයක් ලෙස හඳුන්වා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයත්, පරණගම ජනාධිපති කොමිසමත් ඒ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාව අවධාරණය කොට තිබේ.

යුද අපරාධ ඇතුළු දෙමළ ජනතාවගේ මානව හිමිකම් කෙලෙසීම් සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකා ආණ්ඩුව ගිවිසගත් එකඟතා ක්‍රියාත්මක කිරීම වෙනුවෙන්ද හිටපු ඇමැති දෙපළ අනුමැතිය පල කළහ.

ඒ සම්බන්ධයෙන් පිහිටුවා ඇති අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලයට (OMP) තමන් සහාය පළ කරන බව පැවසූ ශ්‍රීලනිපයේ එස්බී දිසානායක සහ ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරු යුද්ධයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝන පිළිබඳ සැබෑ තත්වය හෙළි කරගැනීම සඳහා සත්‍ය කොමිසමක අවශ්‍යතාවද අවධාරණය කළහ.

[radiogagana]

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: යුද හමුදාවට භාරවූවන් ඝාතනය කළ බව රාජපක්ෂ පාලනයේ ඇමතිවරු පිළිගනිති [VIDEO]
යුද හමුදාවට භාරවූවන් ඝාතනය කළ බව රාජපක්ෂ පාලනයේ ඇමතිවරු පිළිගනිති [VIDEO]
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEioPVylv3EwRo65JmyzGtwMsV4QvVOaimye0gVu6rqDhsRWlxvMRrD5J9oZcSoEOS7Zv4cvUp_qxNfry1bQoydf2d7s597xyBLcjvl02XRFs8eOPRs8P5UyAI3Hqew9EhPnDR32bSEYMTN5/s1600/Ramesh-with-army.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEioPVylv3EwRo65JmyzGtwMsV4QvVOaimye0gVu6rqDhsRWlxvMRrD5J9oZcSoEOS7Zv4cvUp_qxNfry1bQoydf2d7s597xyBLcjvl02XRFs8eOPRs8P5UyAI3Hqew9EhPnDR32bSEYMTN5/s72-c/Ramesh-with-army.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/video_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/video_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy