දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සනීපාරක්ෂක තුවා (Sanitary Pads) සෙස් බද්ද ඉවතට.
Homeගොසිප්

සනීපාරක්ෂක තුවා (Sanitary Pads) සෙස් බද්ද ඉවතට.

PropellerAds

කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා (Sanitary Pads) සඳහා පනවා තිබු සියයට 40කට ආසන්න සෙස් බද්ද ඉවත් කිරීමට රජය පියවර ඇත. අමාත්‍යංශයේ ඉහල නිලධාර...

දකුණේ ආණ්ඩුකරු සවුත්ලන්ඩ් විදුහල්පතිනියට බැණ තර්ජනය කළැයි විමර්ශනයක්
දෙවෙනි ඉනිම නිසා කුලියට ගන්න හදපු නිවස අහිමි වුණා – අරුණි මෙන්ඩිස්
ජවිපෙ 20 උගුලේ වැටුණොත් මහින්ද කඳවුරෙන් ඉවත් වෙනවා -විමල්



කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා (Sanitary Pads) සඳහා පනවා තිබු සියයට 40කට ආසන්න සෙස් බද්ද ඉවත් කිරීමට රජය පියවර ඇත.

අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් පිරිසක් සමග අද(19) පස්වරුවේ මුදල් අමාත්‍යංශයේ පැවති සාකච්ජාවකින් අනතුරුව මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා මෙම තීරණය ගෙන ඇති අතර ඊට අදාල ගැසට් නිවේදනය හෙට නිකුත් කිරීමට නියමිතය.

මෙරට 52%ක් පමණ වන කාන්තා ජනගහනය තම ජිවිත කාලයේ දී අනිවාර්යෙන් අත්විඳින ආර්ථවය සඳහා අත්‍යවශ්‍ය කාන්තා 'සනීපාරක්ෂක තුවා' (Sanitary Pads) සඳහා පනවා ඇති ඇතැම් බදු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පසුගිය දින කිහිපයෙහි බලවත් විරෝධයක් මතුකර තිබු අතර ඒ පිළිබඳව රජයේ අවධානය යොමුකල යුතුව ඇති බව 'අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය' ඊයේ (18) මාධ්‍ය හමුවක් කැඳවමින් ද ඉල්ලීමක් කර තිබිණ.



Amanda Abesooriya ගේ FB සටහන

 මෙම කාරණය සම්බන්ධයෙන් මුදල් හා මාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අවධානය යොමු කරමින් අමන්දා අබේසුරිය (Amanda Abesooriya) සිය FB පිටුවේ පලවී තිබු සටහන පහත පළවේ.

 Mangala Samaraweera අමාත්‍යතුමනි,

දින කීපයක් තිස්සේ සමාජ මාධ්‍ය ජාලා හරහා කතාබහට ලක්වෙන, සනීපාරක්ෂක තුවා සහ ආශ්‍රිත නිෂ්පාදනයන්ට පැනැවෙන අසාධාරණ බදු පිළිබඳව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් ඇමැතිවරයා වන ඔබ දැනුවත් ඇතැයි සිතමු. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මෙන්ම වෙබ් මාධ්‍ය, සමාජ මාධ්‍ය පිළිබඳව ද නිරන්තර අවධානයෙන් පසුවන්නකු ලෙස ඔබ මේ වනවිටත් ඒ පිළිබඳව දැනුම්වත් නොවීමට හේතුවක් නැත. එහෙයින් මේ ලියැවිල්ල ඔබ මේ කතිකාව දන්නවා ය යන උපකල්පනය මත පදනම්ව ලියමු.

අමාත්‍යතුමනි, ලංකාවේ කාන්තා ජනගහණයෙන් මිලියන 4.2ක් මාසිකව ආර්ථවය අත්විඳින නමුත් සනීපාරක්ෂක තුවා හෝ ටැම්පොන් භාවිතා කරන්නේ මෙයින් 30%ක් පමණි. ඉතිරි 70%ක පිරිස කිසිදා ජීවාණුහරණය නොකෙරෙන රෙදි කඩමාළු කැබලිවල සිට ගෝනි රෙදි කැබලි දක්වා විවිධ වූ දේ භාවිතා කරති. මේවා භාවිතය සෞඛ්‍යයට අනාරක්ෂිත වනවා පමණක් නොව, ප්‍රායෝගිකව ද ගැටළුකාරී තත්ත්වයන් ඇති කරයි.

අමාත්‍යතුමනි, ලංකාවට ආනයනය කෙරෙන සනීපරක්ෂක තුවා සහ ටැම්පොන් සඳහා පැනවෙන බද්ද 101.2%කි. එයට 15%ක VAT බද්දකුත්, 30%ක රේගු බදුත්, 2%ක ජාතිය ගොඩනැඟීමේ බදුත් ඇතුළත් වේ. මේ සියලු බදු එක්වූ පසු සනීපාරක්ෂක තුවාවල මිල දෙගුණයකින් ඉහළ යන අතර, ඒ වෙළෙන්දාගේ ලාභය නොසලකා ය. මෙසේ අධික බදු ගැසීමෙන් අනතුරුව විකිණීමට පෙර වෙළඳුන්ගේ ලාභය ද එයට එකතු වීම අනිවාර්ය කරුණකි.

එසේනම් ආනයනිත තුවා වෙනුවට වඩා ලාභදායක දේශීය තුවා වර්ග භාවිත කළ නොහැක්කේ මන්දැයි ගැටළුවක් පැනනැඟිය හැකි ය. එවැනි අඩුමිල දේශීය නිෂ්පාදන වෙළඳපොළේ ඇති බව සත්‍යයකි. එහෙත් ඒවායේ ප්‍රමිතියේ සහ නිමාවේ පවතින ගැටළු නිසා භාවිතයේ දී කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවන අපහසුතාවන් විවිධ ය. බොහොම ය.

එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදලට අනුව, තවමත් ශ්‍රී ලංකාවේ 60%ක් දෙමාපියන් තම දියණියන්ව ඔසප් සමයේ දී පාසැල් නොයවයි. මෙයට හේතුවන්නේ ආර්ථවය පිළිබඳව ඇති මිථ්‍යා මතයන් පමණක්ම නොවේ. සනීපාරක්ෂක තුවා සඳහා විශාල මුදලක් වියදම් කිරීමට ඇති නොහැකියාව ද ඊට බලපායි. එකට එකක් මිළ ඉහළ යන පරිදි පැනැවී ඇති බදු අවම වුවහොත් ඔවුනට ද සනීපාරක්ෂක තුවා මිලට ගැනීමට හැකිවනු ඇත.

මහත්මයාණෙනි, සාමාන්‍ය කාන්තාවක් සිය ජීවිතයෙන් වසර 6ක පමණම කාලයක් ගත කරන්නේ ආර්ථව සමයේ යි. ඇය මෙයින් වසර කීපයක් පාසැලේ දී ත්, ඉතිරි වසර කීපය වෘත්තිකයෙකු, ගෘහණියක, හෝ මවක ලෙසත් ගත කරයි. දරුවන් ද ගැබිණි මාතාව ද සම්පතක් බව විශ්වාස කරන රටක් වෙමු අපි. ඒ, රටේ මානව සම්පත වර්ධනය කෙරෙන්නේ ඔවුන් නිසාවෙනි. ගැබිණි මව සම්පතක් බව සලකන රටකට, කාන්තාවකගේ ආර්ථවය සුඛෝපභෝගී සංසිද්ධියක් බව සලකා ආදායම් ඉපයිය හැකි ද? සිය ජනතාව ගැන සලකන රජයකට සිය ජනතාවගෙන් 50%කගේ ඔසප්වීමෙන් පවා ආදායම් ඉපයීමට හැකි ද?

අමාත්‍යතුමනි, සනීපාරක්ෂක තුවා හා ටැම්පොන් යනු සුඛෝපභෝගී භාණ්ඩ නොවේ. මේවා කාන්තාවන්ට අත්‍යාවශ්‍ය දේ ය. මේවාට බදු සහනයක් ලබාදීම රටේම කාන්තාවන්ට දක්වන අනුග්‍රහයෙකි.

මංගල සමරවීර ගරු මුදල් ඇමතිතුමනි, මේ ඔබේ අවධානය සහ ප්‍රතිචාරය පිණිස ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29302,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සනීපාරක්ෂක තුවා (Sanitary Pads) සෙස් බද්ද ඉවතට.
සනීපාරක්ෂක තුවා (Sanitary Pads) සෙස් බද්ද ඉවතට.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjh4p0ZLYWD29jP4rSw5og5Nlc-AJd8uK3W7cstsZfAzMzuqDlEaf6nS3V_qXSaGeOLvujl8bXYrnoYkZbDjVFO4pjBnsa2uxJ0lekeH9xfKGoirWdPlHWu36HcK_phtr_x7BKjTBrAV3S7/s1600/pads.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjh4p0ZLYWD29jP4rSw5og5Nlc-AJd8uK3W7cstsZfAzMzuqDlEaf6nS3V_qXSaGeOLvujl8bXYrnoYkZbDjVFO4pjBnsa2uxJ0lekeH9xfKGoirWdPlHWu36HcK_phtr_x7BKjTBrAV3S7/s72-c/pads.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/sanitary-pads.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/sanitary-pads.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy