සීගිරිය උඩවලයාගම ප්‍රදේශයේ වනජීවි දෙපාර්තමේන්තුවට අයත් අභය භූමියේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු පැමිණ යන්ත්‍ර සූත්‍ර දමා පාරක් කැපීමේ සිද...
සීගිරිය උඩවලයාගම ප්‍රදේශයේ වනජීවි දෙපාර්තමේන්තුවට අයත් අභය භූමියේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු පැමිණ යන්ත්‍ර සූත්‍ර දමා පාරක් කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
සීගිරිය ප්‍රදේශයේ ගොවිපල පාර නමින් රුපියල් ලක්ෂ 6ක මුදලක් ප්‍රාදේශීය සභාව මගින් අනුමත කොට මෙම මාර්ගය කපා ඇතිබව ගම්මු කියති .
ප්‍රදේශවාසීන් කියා සිටියේ ගෙඩි ගස් වලාන උඩවලයාගම ගම්මානයට විශාල අඩුපාඩු කම් පවතිද්දී ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කිසිදු අයකු පදිංචි නොමැති කිහිපදෙනෙකු පමණක් රජයේ රක්ෂිත අල්ලාගෙන ගොවිතැන් කරන වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමියක විශාල මාර්ගයක් ඉදිකර තිබෙන බවය.
සීගිරිය ගල සහ පිදුරංගල අලංකාරව දර්ශනය වන දුරින් මෙම විශාල මාර්ගය කපා තිබෙන අතර එම රක්ෂිත ආසන්නයේ පෞද්ගලික සංචාරක හෝටල් කීපයක් ඉදි වෙමින් පවතින බවද ප්‍රදේශවාසීහු පවසති.
කෙසේවෙතත් එම මාර්ගය කපා ඇති ප්‍රදේශයට සීගිරිය වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක එස්. එන්. බණ්ඩාරනායක මහතා ඇතුළු කණ්ඩායමක් ගොස් නිරීක්ෂණය කළහ.
ඒ මහතා කියා සිටියේ ගොවිපලකට ගමන් කිරීම සඳහා කුඩා මාර්ගයක් හෙළි පෙහෙළි කිරීමට ඇති බව පවසමින් විශාල ප්‍රදේශයක් යන්ත්‍රසූත්‍ර දමා හෙළිපෙහෙළි කොට ඇති බව සඳහන් කළේය. එමෙන්ම මින් ඉදිරියට මෙවැනි සංවර්ධන කටයුතු සඳහා අවසර ගැනීම වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා යටතට පත්කරන බවත් මේ බව තමන් සංවර්ධන කමිටු රැස්වීමේදී දැනුම්දෙන බවද සඳහන් කළේය. මෙම මාර්ගයේ ඉදිකිරීම් නවතා දැමීමට නියෝග කළ බව ද සඳහන් කළේය.
එම ප්‍රදේශයේ සිටි ගොවියෙකුගෙන් අප මෙම මාර්ගය පිළිබඳව විමසීමේදී ඔහු කියා සිටියේ ගොවීන් හැටියට තමන් මේ කිසිවක් නොදන්නා බවය.
එම ප්‍රදේශයේ ගොවි සංවිධානයේ සභාපතිවරයා ඇතුළු පිරිස කියා සිටියේ තම ගම්මානයේ අඩුපාඩුකම් රැසක් පවතිද්දී කිසිදු ප්‍රමුඛතාවයක් ලබා නොදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු විසින් මෙම මාර්ගය ප්‍රයෝජනයකට නොමැති ප්‍රදේශයක සිදුකරන සංවර්ධන කටයුත්තක් බව ය. සංචාරක හෝටල්වල අවශ්‍යතාවය සපුරාදෙන්නට රජයේ මුදල් වියදම් කරන බව කියති .
දඹුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුමනසිරි බණ්ඩාර මහතා ගොවීන් පිරිසකුත් සමඟ අප රැඳී සිටි දඹුල්ල ප්‍රාදේශීය සභාවට පැමිණ කියා සිටියේ මෙම මාර්ගය පිළිසකර කිරීම සඳහා තමන්ට දඹුල්ල ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලැබුණු බවය. මාර්ගය කැපීම සඳහා ඒ අනුව අවශ්‍ය පියවර ගත් බවත් එය වැරැද්දක් ඇත්නම් තමන් ඕනෑම දඬුවමක් විඳීමට කැමති බව ක්‍රියා සිටියේය.
දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කේ .ජි . සෝමතිලක මහතා එම ස්ථානයට පැමිණි අවස්ථාවේද සුමනසිරි බණ්ඩාර මන්ත්‍රීවරයා සභාපතිවරයාට කියා සිටියේ තම ප්‍රදේශයේ මාර්ගයක් පිළිසකර කිරීමට පිරිසක් විරෝධය ප්‍රකාශ කරන බවය .කෙසේවෙතත් සභාපතිවරයාද කියා සිටියේ තවමත් එම මාර්ගය සොයා ඉදිකිරීම් පිළිබඳව සොයා බැලීමට නොගිය බවත් කෙසේ වෙතත් මන්ත්‍රීවරයාගේ සහ ජනතාවගේ ඉල්ලීම ඉටු කර දෙන බවය.
රජයේ මුදල් ප්‍රතිපාදන යටතේ රුපියල් ලක්ෂ 6ක මුදලක් මේ සඳහා ඇස්තමේන්තු ගත කොට ක්‍රියාත්මක කර ඇතැයි සුමනසිරි බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කළ නිසා අප දඹුල්ල ප්‍රාදේශීය සභාවේ ලේකම් බී .එම් .එම් . බාලසූරිය මහත්මියගෙන් සහ එම සංවර්ධන විෂය භාර නිලධාරිවරයා ගෙන් අප විමසා සිටියේ ප්‍රාදේශීය සභා මාර්ගයක් මෙසේ හෙළි පෙහෙළි කිරීම සඳහා මුදල් වියදම් කළේ ද එසේත් නොමැති නම් මේ වන විට එම ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබේද යන්නය . කෙසේවෙතත් එම නිලධාරීන් දෙදෙනාම කියා සිටියේ යෝජනාවලියක් මන්ත්‍රීවරයා ප්‍රාදේශීය සභා රැස්වීමේදී අනුමත කරගෙන තිබෙන බවත් මෙතෙක් එහි සංවර්ධන කටයුතු හෝ අඩුම තරමේ සොයා බැලීමක් හෝ සිදු කර නොමැති බව ය. එහෙත් දැනට මාර්ගය ඉදි කළේ කෙසේදැයි නොදන්නා බවය .
(කාංචන කුමාර ආරියදාස)
COMMENTS