දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නොමිලේ ලබාදෙන ස්ටෙන්ස් සහ අක්ෂි කාච නොමැති බව මුසාවක්!
Homeගොසිප්

නොමිලේ ලබාදෙන ස්ටෙන්ස් සහ අක්ෂි කාච නොමැති බව මුසාවක්!

PropellerAds

නොමිලේ ලබාදෙන ස්ටෙන්ස් සහ අක්ෂි කාච නොමැති බව ප්‍රකාශ කරමින් ඇතැම් වෛද්‍යවරුන් රෝගීන් අසීරුතාවයට ලක් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය...

ලයිට් කපන්නේ වේලාවල් තුනකදී - විදුලි බල මණ්ඩලය අවසානයේ දන්වයි
අරවින්ද යායේ තව මලක් පිපුණා කියමින් මධු මාධව 3 වැනි කසාදෙට යයි
අනියම් පෙමක සැකයක් නිසා බිරිඳ මරා සූට්කේස් එකේ දැම්ම කරාතේ ශුරයාට අවසානයේ සිදුවු දේ


නොමිලේ ලබාදෙන ස්ටෙන්ස් සහ අක්ෂි කාච නොමැති බව ප්‍රකාශ කරමින් ඇතැම් වෛද්‍යවරුන් රෝගීන් අසීරුතාවයට ලක් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

අරලියගහ මන්දිරයේ රැස්වීම් ශාලාවේ ඊයේ (20) පෙරවරුවේ පැවැති සෞඛ්‍ය සේවාවේ පුහුණුව සදහා හෙද හෙදියන් 1482 කට ස පත්වීම් ලිපි ප්‍රදානය කිරිමේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "ශ්‍රී ලංකාව තුල උපාධිධාරි හෙද හෙදියන් බිහි කිරිම සදහා කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධව ජයවර්ධනපුර රෝහල් භූමියේ හෙද පීඨය ස්ථාපිත කරනවා. එම හෙද පීඨය තුලින් උපාධිධාරි හෙද හෙදියන් 2000 ක් රෝගී සත්කාරක සේවා වලට එක් කිරීම අපේ අරමුණයි. පුහුණු කාලය තුල දී නේවාසික පහසුකම් ලබාදීමට ද නියමිතයි. මෙම ව්‍යාපෘතිය සදහා රුපියල් කෝටි 1650 ක් වැය කරනවා. උපාධිධාරි හෙද හෙදියන් සදහා ඇමරිකාව, බ්‍රිතාන්‍ය වැනි රට වලින් විශාල ඉල්ලුමක් පවතිනවා. එය විදේශ රැකියා වෙළෙද පොල කරා ප්‍රවිශ්ඨවීමට ඇති හොද අවස්ථාවක්. සෞඛ්‍යයට සහ අධ්‍යාපනයට වත්මන් රජය වැඩියෙන් මුදල් වැය කරනවා. 2017 වසරේ දී ජාතික අයවැයෙන් සෞඛ්‍ය සදහා සියයට 3.24 ක් වෙන් කර තිබුනා. අධ්‍යාපනය සදහා සියයට 4 ක් වෙන් කර තිබුනා. බෝනොවන රෝග පාලනය කිරිම සදහා විධිමත් වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව විධිමත් කිරිම තුලින් මැලේරියා, රුබෙල්ලා වැනි රෝග වලින් නිදහස්වීමේ සහතික ලෝක සෞඛ්‍ය සංවිධානය පිරිනමා තිබෙනවා. 2019 වසරේ දී මවගෙන් දරුවාට බෝවෙන එච්.අයි.වී පාලනය කිරීමේ සහතිකය ලැබෙන අතර, වසර 2020 දී සරම්ප රෝගයෙන් තුරන්වීමේ සහතිකය ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදීමට නියමිතයි. ඉන් පසු ඩෙංගු සහ එච්.අයි.වී ඒඩ්ස් පාලනය කළ යුතුයි. ලෝක දුම්කොළ පාලනය කිරීමේ ප්‍රඥප්තියේ කොන්දේසි සියයට 90 ක් ඉටු කර ඇති රට ශ්‍රී ලංකාවයි. සිගරට් අසුරණවල රූපමය අවවාද සියයට 80 දක්වා වැඩි කිරිම, සියයට 90 දක්වා බදු වැඩි කිරිම, පාසල් අවට මීටර් 100 දුරින් දුම්වැටි අලෙවි කිරිම තහනම් කිරිම, ප්ලේන් පැකේඡින් ක්‍රමය හදුන්වා දීම වැනි ක්‍රියාමාර්ග මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. තනි සිගරට්ටුව අලෙවි කිරීම තහනම් කිරිම සදහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල පළමු අදියර යටතේ අඩු කළ අතර, දෙවන අදියර යටතේ ඖෂධ වර්ග 25 ක මිල අඩු කර තිබෙනවා. 

අක්ෂි කාච, ස්ටෙන්ස් මිල ද අඩු කර තිබෙනවා. පසුගිය කාලයේ සෞඛ්‍ය සේවාව තුල සිදු වූ මාෆියා ක්‍රමය නැති කර තිබෙනවා. ඇතැම් වෛද්‍යවරුන් නොමිලේ ලබාදෙන ස්ටෙන්ස්, අක්ෂි කාච නොමැති බව ප්‍රකාශ කරමින් රෝගීන් අසීරුතාවයට පත් කිරීමේ සිද්ධීන් ද වාර්තා වෙනවා. එදා තිබූ මාෆියාවල ඇටසැකිලි තවමත් තිබෙනවා. එවැනි සිද්ධීන් පරාජය කරමින් ඉදිරියට ගමන් කළ යුතුයි. කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ වෛද්‍යවරුන් හෘදයේ කපාටයක් විවෘත කර සැත්කමක් සිදු කළා. එය ශ්‍රී ලංකාවේ සිදු කළේ ප්‍රථම වරටයි. එක සැත්කමක් සදහා රුපියල් ලක්ෂ 20 පමණ මුදලක් වැය වනවා. නමුත් නොමිලේ සිදු කරන සෞඛ්‍ය සේවාව තුලින් එවැනි සේවාවන් ලබාදිය යුතුයි. ඇතැම් සැත්කම් සදහා මුදල් නොමැති රෝගීන්ට සෞඛ්‍ය සංවර්ධන අරමුදල මගින් මුදල් ලබාදෙනවා. අපගේ අරමුණ අහිංසක රෝගී ජිවිත බේරා ගැනීමයි. සෞඛ්‍ය සේවාව තුල බදවා ගන්නා හෙද හෙදියන්ගේ සංඛ්‍යාව ද වැඩි කර තිබෙනවා. හෙද පුහුණු පාසල් 05 ක් සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබෙනවා. එම නිසා රෝගියාට හොද සේවාවක් ලබාදෙන ලෙස මම සියලුම සෞඛ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටිනවා."

මෙම අවස්ථාවට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඩොනල්ඩ් මුරගේ, රජයේ හෙද සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් එක්ව සිටියහ.




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නොමිලේ ලබාදෙන ස්ටෙන්ස් සහ අක්ෂි කාච නොමැති බව මුසාවක්!
නොමිලේ ලබාදෙන ස්ටෙන්ස් සහ අක්ෂි කාච නොමැති බව මුසාවක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhRDlj2p4LNN7YIok-JvLrQcXaLAt8Pf9OCIHMh-kCWZnBulzk6migrj-eLBsdgH_ZqQYnVCd5rqBgel4aVYQNIqQuz6ux16EMuX1uiFh1zmVAKFFaKuwyWhWhGPx_-GYjvbkGFxDJL2_UK/s1600/42157414_10156183805944130_5751209114856325120_n.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhRDlj2p4LNN7YIok-JvLrQcXaLAt8Pf9OCIHMh-kCWZnBulzk6migrj-eLBsdgH_ZqQYnVCd5rqBgel4aVYQNIqQuz6ux16EMuX1uiFh1zmVAKFFaKuwyWhWhGPx_-GYjvbkGFxDJL2_UK/s72-c/42157414_10156183805944130_5751209114856325120_n.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_940.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_940.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy