බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිලි සංකීර්ණය සඳහා අනවශ්‍ය ලෙස මුදල් වැය කරන බවට එල්ල වන චෝදනා, දේශපාලන අවශ්‍යතා මත එල්ල කරන ඒවා බව බස්නාහිර පළ...
බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිලි සංකීර්ණය සඳහා අනවශ්‍ය ලෙස මුදල් වැය කරන බවට එල්ල වන චෝදනා, දේශපාලන අවශ්‍යතා මත එල්ල කරන ඒවා බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.
මාධ්‍යවේදීන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අද (12) බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේ චෝදනා එල්ල කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනාගෙන් තමන් මේ පිළිබඳව විමසා සිටි බවයි.
මාධ්‍යවේදීන් කැමරාව යොමු කරමින් මේ සම්බන්ධයෙන් ඇසූ නිසා පුවත් පළ කර ගැනීමේ අවශ්‍යතාව මත තමන් එලෙස ප්‍රකාශ කළ බව එම මන්ත්‍රීවරුන් සඳහන් කර සිටි බව අමාත්‍යවරයා සඳහන් කළේය.
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමන් මැදිහත්වී පළාත් සභාවට පුටු ගෙන ඒම නවත්වා ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා සඳහන් කළේ ආණ්ඩුකාරතුමන් රහසේ එවැනි ප්‍රකාශ කරන බවට තමන් නොසිතන බවයි.
තමන් සහ අමාත්‍යවරු අතර පැවති සාකච්ඡාව පිළිබඳව ආණ්ඩුකාරතුමන් ප්‍රසිද්ධ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරනු ඇති බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා මෙහිදී පැවසී ය.
පළාත් සභාවේ අමාත්‍යංශ කොළඹ විවිද ප්‍රදේශවල විසිරී තිබීම නිසා ජනතාව අපහසුතාවට පත්වූ බව සඳහන් කළ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙම ගොඩනැගිල්ල නිසා එම අපහසුතාවන් මග හැරෙන බවද මෙහිදී පෙන්වා දුන්නා.
COMMENTS