දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජගත් සමුළුව අතරතුර ජනපති සහ මැලේසියා අගමැති අතර හදිසි හමුවක්
Homeප්‍රවෘත්ති

ජගත් සමුළුව අතරතුර ජනපති සහ මැලේසියා අගමැති අතර හදිසි හමුවක්

PropellerAds

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගීවීමට නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මැලේසියා අග්‍රාමාත්...

රජයට අවනත නොවන මෝල් පවරා ගන්න… වී රාජ්‍ය දේපළක් ලෙස සළකා අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරන්න - නාමල් කරුණාරත්න
හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ෂෙහාන් මධුසංඛ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ගිවිසුම අහෝසි කරයි
හෙරොයින් සමග අත්අඩංගුවට ගත් ෂෙහාන් මධුසංඛ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ගිවිසුම අහෝසි කරයි
ජගත් සමුළුව අතරතුර ජනපති සහ මැලේසියා අගමැති අතර හදිසි හමුවක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගීවීමට නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මැලේසියා අග්‍රාමාත්‍ය මහාතීර් මොහොමඩ් මහතා අතර හමුවක් අද (26) සිදු විය.

එහිදී ඉතා උණුසුම් අයුරින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පිලිගෙන ඇති මැලේසියා අග්‍රාමාත්‍යවරයා ඉතා සුහදශීලි සාකච්ඡාවක නිරත වී තිබේ.

තමා මැලේසියාවේ අග්‍රාමාත්‍ය ධූරයට පත් වීමට පෙර බලය නොමැති කාලයේ පවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා හමුවෙමින් සිදු කළ මිත්‍රශීලී භාවය පිළිබඳවද සිහිපත් කර ඇති මැලේසියා අග්‍රාමාත්‍යවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලංකාව තුළ ගෙන යන වැඩපිළිවෙල අගය කරමින් අදහස් පල කර තිබේ.

මැලේසියා අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ “මට බලය නැති කාලයේ නායකයෙකු ලෙස පිලිගෙන මැලේසියාවේදී හමුවීම ගැන ස්තූතිය පළ කරනවා. ඔබ ගැන මට ආඩම්බරයි“ යනුවෙනි.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, මැලේසියා අග්‍රාමාත්‍යවරයාට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ලෙස ආරාධනා කර තිබේ. එම ආරාධනය ඉතා මිත්‍රශීලීව පිළිගෙන ඇති මැලේසියා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ තමා අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බවයි.

බස්නාහිර පළාතේ සිදුකරන සංවර්ධනයට සහය ලබා දෙමින් පැල්පත්වාසීන් වෙනුවෙන් කොළඹ නගරයේ තට්ටු නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට මැලේසියා රජයේ පූර්ණ දායකත්වය ලබා දෙන බව ද මැලේසියා අග්‍රාමාත්‍ය මහාතීර් මොහොමඩ් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පොරොන්දු වී ඇත.

කෙසේ වෙතත් මැලේසියාවේ විප්ලවීය මැතිවරණයකින් පසු ජය ලබා ගත් මහතීර් මොහොමඩ් මහතා ඉතිහාසයට එක්වන්නේ වයස්ගතම (අවුරුදු 91) අග්‍රාමාත්‍යවරයා ලෙසයි. අදාල ජයග්‍රහණය සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහතීර් මොහොමඩ් මහතා සමඟ සිදුවූ රහසිගත හමුවක් පිළිබඳවද එවකට මාධ්‍ය වාර්තා කොට තිබුණි.

මෙම හමුව සිදුවී ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මලයාසියානු නිල රාජ්‍ය සංචාරය නිරත වූ 2016 දෙසැම්බර් 17 වන දින අදාල හමුව සිදුව තිබිණි. ඒ ක්වාලාලම්පූර් නුවර ඉන්ටකොන්ටිනල් හෝටලයේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා රැඳී සිටි කාමරයේදී ය.

මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මැලේසියානු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මහතා සමඟ ඉතා හොඳ පෞද්ගලික මිත්‍රශීලී සම්බන්දතාවයක් ගොඩ නැගී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29316,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජගත් සමුළුව අතරතුර ජනපති සහ මැලේසියා අගමැති අතර හදිසි හමුවක්
ජගත් සමුළුව අතරතුර ජනපති සහ මැලේසියා අගමැති අතර හදිසි හමුවක්
http://am.lk/media/k2/items/cache/fa97ca18648517f62e0e3d995f4f921c_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_847.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_847.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy