දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අල්ලස් කොමිසම ගැන මෛත්‍රීගෙන් හෙළිදරව්වක්
Homeප්‍රවෘත්ති

අල්ලස් කොමිසම ගැන මෛත්‍රීගෙන් හෙළිදරව්වක්

PropellerAds

අල්ලස් හා දූෂන විමර්ශන  කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ තවත් කොමසාරිස්වරුන් දෙදෛනකු  තමන්ට හොඳම තත්වයේ වාහන තිබියදී  පෞද්ගලික සමාගමකින් කුල...

පුත්තලමේ දේශපාලකයින්ගේ වැඩ නිසා පුත්තලම් බූරුවන්ටත් ඉන්න හිටින්න බැරිවෙයි!
පාර්ලිමේන්තුව අද රැස්වෙයි! හදිසි නීතිය සම්මත නොවුනොත් අවලංගුයි!
අගෝස්තු මස මැද සිට යළි තෙල් නැතිවෙන හැඩක්? මහ බැංකු අධිපති අනතුරු අඟවයි!
අල්ලස් කොමිසම ගැන මෛත්‍රීගෙන් හෙළිදරව්වක්

අල්ලස් හා දූෂන විමර්ශන  කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ තවත් කොමසාරිස්වරුන් දෙදෛනකු  තමන්ට හොඳම තත්වයේ වාහන තිබියදී  පෞද්ගලික සමාගමකින් කුලී පදනම මත මර්සිඩීස් බෙන්ස් කාර්  තුනක්  තමන්ගේ පරිහරණයට ලබාගෙන ඇති  බැව් එක්සත් ජාතික නිදහස් පරෙමුනේ ප්‍රධාන ලේකම්  නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා  ඊයේ (02) ගාල්ලෙදී පැවති මාධය හමුවකදී අනාවරනය කලේය.

ඒ මහතා මේ තොරතුරු අණාවරණය කලේ ගාල්ල කතුළුව එක්සත් ජාතික නිදහස් පෙරමුනේ ගාල්ල දිස්ත්‍රික් කාර්යාලයේදී පැවති  මාධය හමුවකදීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“මේ යහපාලන ආණ්ඩුව බලයට  පත් උනට පස්සේ මේ රටේ ජනතාවට දීපු එක   පොරොන්දුවක් තමයි අල්ලස සහ දූෂනය නැත කරනවායි කියන එක. අද වන විට  අල්ලස් දෙපාර්තමේන්තුවේ අල්ලස්  දූශන විමර්ශන කොමිශන් සභාවේ අධයක්ස ජනරාල් වරයා සහ තව කොමසාරිස් වරුන් දෙදෙනෙකු  ලක්ස හතරහමාරක් වටිනා මර්සිඩීස් බෙන්ස් කාර් තුනක්  තමන්ගේ පරිහරණයට අරගෙන තිබෙනවා. ඒ මර්සිඩීස් බෙන්ස් කාර් අරගෙන තියෙන්නේ තමන්නට හොඳම තත්වයේ වාහන තියෙද්දි.  මේ වාහන තුන අරගෙන තියෙන්නේ කුලී පදනම මතයි.  එතකොට අල්ලස් දෙපාර්තමේන්තුවට එහෙම කුලී පදනම මත අරගෙන  මේ කාර් පාවිච්චි කරන්න තියෙන අයිතිය මොකක්ද කියන එක  මේ රටේ ජනතාව දැනගන්න කැමතියි.”

“හොඳ වර්ගයේ වාහන තියෙද්දි  හොඳවාර්ගෙව් වාහන තියෙද්දිකොමසාරිස් වරුන් දෙදෙනෙකු සහ අද්‍යක්ෂ ජනරාල් වරයා  පිටස්තර සමාගමකින් කුලී පදනම මත අරගෙන තියෙනවා  මේක මේ රටේ ජනතාවගේ මුදල් කාබාසිනියා කරන් එකක් නෙමෙයිද?  ඒ විතරක් නෙමේ මේ මර්සිඩීස්  බෙන්ස් කාර් තුනම විදුලියෙන් දුවන ඉලෙක්ට්‍රික් කාර්. ඉතින් මේ ඉලෙක්ට්‍රික් කාර් වලට පෙට්‍රල් එලවන්ස්  එකක් දෙන්න අවශය තාවයක් නැහැ. මේ කොමසාරිස් වරුන් මේ කාර් තුන දුවන්න පෙට්‍රල් එලවන්ස් එකකුත් ගන්නවා. මේක  කොච්චර සාධාරණද මේක අල්ලසක් නෙමේද මේක දූශණයක් නෙමෙයිද ? එතකොට මේ කොමසාරිස්  වරුන් සහ අධ්‍යක්ෂ ජනරාල් වරයා  ඒ කාර් තුනම  අල්ලස් කොමාසාරිස් කාර්යාලයේ නවත්තලා තියෙනකොට තමයි  කරන්ට් එකට අල්ලලා නැවතත් චාජ් කරගන්නේ.  එතකොට මෙතැන තමයි දූෂණය තියෙන්නේ.  අල්ලස් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වරයා කොමසාරිස් වරුන් දෙදෙනා මෙහෙම කරනවා නම්  ඒගොල්ලන්ට මොන අයිතියක් තියෙනවාද මේ රටේ දූෂනය නවත්වන්න.”

“මේ රජයේ දූෂණය නවත්වන්න අල්ලස් දෙපාර්තමේන්තුවට මොකක්ද තියෙන අයිතිය.  මෙන්න මේකයි ප්‍රශ්ණය. එක කොමසාරිව වරයෙක් ඉන්නවා  මේ කොමසාරිස් වරයා දිගින් දිගටම  පිටරට සවාරි යනවා.  මේ සවාරි යනකොට යන්නේ බිස්නස් ක්ලාස් පස්ට් ක්ලාස්  ටිකට් අරගෙන  සාමාන්‍යෙයන් සිංගප්පූරුවට යන්න  රුපියල් පණ්ස දහසක් නම් බිස්නස් ක්ලාස් එකේ යන්න රුපියල් එක්ලක්ස අසූදහසක් වැය වෙනවා.  මේ මුදල් ගෙවන්නේ කවුද ?   ඒ ගෙවන්නේ මේ රටේ ජනතාව  ඒ ගෙවන්නේ  මේ රටේ ජනතාවගේ  මුද්ල වලින් අල්ලස් කොමාසාරිස්  දෙපාර්තමේන්තුව මෙහෙම වැඩ කරනවා නම්  මොන දෙයියන්ටද කියන්නේ.  අල්ලස් දෙපාර්ථමේනුතුවේ ප්‍රධාන නිළදාරීන්  මේ වගේ දූශන වලට සම්බන්ද වෙනවා නම් මේ වගේ රජයේ මුදල්  අක්‍රමිකතා වලට  සම්බන්ද වනවා නම්  කාටද මේවා ගිහින් පැමිණිලි කරන්නේ. “

“මේන්න මේක තමයි අපිට යහපාලන ආන්ඩුවෙන් ජනාධිපති තුමාගෙන් අගමැති තුමාගෙන් අහන්න තියෙන්නේ.  මේවා  සම්බන්දයෙන්  මොකක්ද කරන්න යන්නේ කියන එක. ඒ විතරක් නෙමේ අධ්‍යක්ෂ ජනරාල්තුමා  ලක්ෂ හැටක් හැත්තෑවක් විතර වියදම් කරලා  තමන්ගේ කාර්යාලය හදන්න හදනවා.  කාර්යාලයක් තියෙනවා. ඊට අමතරව තවත් සුකොපභෝගී කාමරයක් හදලා  එතුමා එතැන් ජීවිතාන්තය දක්වාම ඉන්න වගේ හදන්නේ. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් වරයා ඇවිල්ලා රටට කියනවා අපිට නිළදාරීන් මදි. අපිට සම්පත් මදි  මේ අල්ලස් දූශන  මඩින්න සම්පත් මදි  නිළධාරීන් මදි කියලා. එහෙම කියන අධයක්ෂ ජනරාල් වරයා  මේ ආකාරයෙන් මුදල් කාබාසිනියා කරනකොට  කවුද මේවට වගකියන්න ඕනේ.  යහපාලන ආන්ඩුව මේ රටේ ජනතාවට දීපු පොරොන්දුව මෙන්න මේවා සම්පූර්නයෙන්ම නැති කරනවයි කියලා.  ඇමතිවරුන් විතරක් නෙමේ. ඇමතිවරු පඩි වැඩිකරගන්න හදනවා වාහන ගෙනවා ඒ ඔක්කොම කරනවා.  කවුරුත් හිදුවද අල්ලස් අධ්‍යක්ෂක ජනරාල් වරයා මේවා කරයි කියලා.  කොමාසාරිස් වරුන් මේවා කරයි කියලා  එතකොට  පැහැදිලිවම  පේනවා මේ රටේ කැබිනට් එක ගත්තම පාර්ලිමේන්තුව ගත්තම රාජය අංශය ගත්තහම අන්ත දූශනයක් සිදුවෙලයි කියන එක .”

“ගල් අඟුරු සම්බන්ධයෙන් මම පැමිණිල්ලලක් දැම්මා අල්ලස් දෙපාර්තමේන්තුවට  දැන් අවුරුදු එකහමාරක් වෙනවා. මේ සම්බන්දයෙන් කිසිම  වැඩපිළිවෙලක් කරලා තියෙනවාද කියන එක දැන් මට ප්‍රශ්නයක්. එතකොට කාගේ උවමණාවටද මේ ගොල්ලන් වැඩ කරගෙන යන්නේ.  මේ පැමිණිල්ල දැම්මේ සුප්‍රිම් උසාවියේ තීන්දුවක් පිටයි. සුප්‍රිම් උසාවිය තීන්දු කරලා තිබුනා එක සමාගමකට ගල් අඟුරු දෙන්න එපයි කියලා  ඒ දෙන්න එපා කියද්දි අමාතයංශ ලේකම් කැබිනට් සංදේහයක් ඉදිරිපත් කරලා  කැබිනට් ආර්තික අනු කමිටුවට දාලා  සුප්‍රිම් උසාවියෙන් දෙන්න එපා කියපු සමාගමට දුන්නා.  විදුලිබල අමාත්‍යංශයේ ලේකම් ඒකට පැමිණිල්ලක් දැම්මා. අද වෙනකන් අරගෙන තියෙන ක්‍රියාමාර්ගය කුමක්ද කියලා  අල්ලස් අධ්‍යක්ෂ ජනරාලිවරයාගෙන් අපි අහන්න කැමතියි.  එතුමා මොකක්ද කරන්නේ  ආන්ඩුවේ වරප්‍රසාද ටික අරගෙන  මේ යහපාලන ආන්ඩුව කරලා තියෙන දූශන වංචා අද එලිදක්වන්න අකමැත්තෙන් ඉන්නේ.  මේකයි ජනතාවට වෙලා තියෙන කරුමය.  මේ කරුමයෙන් මිදෙන්න නම් මේ වගේ නිලදාරීන්  මේ වගේ තනතරු වලින් ඉවත් වෙලා මේවට නිවැරදි පුද්ගලයි පත්කරන් ඕන කියන එක එක්සත් ජාතික නිදහස් පෙරමුණ විදියට අපි අවධාරනය කරනවා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

(ලලිත් චාමින්ද)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අල්ලස් කොමිසම ගැන මෛත්‍රීගෙන් හෙළිදරව්වක්
අල්ලස් කොමිසම ගැන මෛත්‍රීගෙන් හෙළිදරව්වක්
http://am.lk/media/k2/items/cache/8ef56d99340a539a0f5db7b12a4fdc16_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_80.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_80.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy