දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විදේශ සංචාරකයන්ට වැට් බදු ආපසු ගෙවීම අද සිට.
Homeගොසිප්

විදේශ සංචාරකයන්ට වැට් බදු ආපසු ගෙවීම අද සිට.

PropellerAds

විදේශ සංචාරකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අවස්ථාවේදී වැට් බදු අයකරනු ලබන භාණ්ඩ මිලදී ගත් විට එම භාණ්ඩ සඳහා අයකරනු ලබන 15% ක වැට් බද්ද රටින...

අංකුඹුර පාර අයිනේ සිටි දෙදෙනෙකුට සිදු කළ වෙඩි තැබීම CCTV
ජපානයේ 7.4 භූමි කම්පාව නිසා සුනාමි අවදානම ඉවත් කෙරේ - ලාංකිකයින් ආරක්ෂිතයි
මෛත්‍රී හොරෙන් බාර් ලයිෂන් දීපු කතාව (අඟහ. කාටූන්)


විදේශ සංචාරකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අවස්ථාවේදී වැට් බදු අයකරනු ලබන භාණ්ඩ මිලදී ගත් විට එම භාණ්ඩ සඳහා අයකරනු ලබන 15% ක වැට් බද්ද රටින් බැහැර යන විට ඔවුන් හට ආපසු ගෙවීම අද (11) දින සිට ක්‍රියාත්මක කෙරේ.

මේ සඳහා වන විශේෂ කවුළුවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී අද (11) පස්වරුවේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා විසින් විවෘත කරනු ලැබේ.

2018 අයවැය මඟින් යෝජිත මෙම ක්‍රමය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබන අතර, මෙම වැට් ආපසු ගෙවීමේ ක්‍රමයට ඇතුළත්වීම සඳහා වෙළෙඳ ආයතන හිමිකරුවන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සංචාරක වැට් බදු ආපසු ගෙවීමේ ව්‍යාපෘතිය යටතේ තම වෙළෙඳ ආයතනය ලියාපදිංචි කළ යුතුවේ.

දැනට භාණ්ඩ හා ඇඳුම් පැළඳුම් විකුණන වෙළෙඳසැල් 18 ක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යටතේ විදේශිකයන් වෙත වැට් ආපසු ගෙවීමේ ක්‍රමයට දායක වීම සඳහා ලියාපදිංචි වී ඇත. මෙම ක්‍රමයට දායක වීමට කැමැති ආයතන ඇත්නම් ඒ සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය හැකිය.

2018 අයවැය යෝජනාවක් සම්පූර්ණ කරමින්, ශ්‍රී ලංකාව ආසියාවේ වෙළෙඳ මධ්‍යස්ථානයක් (Trading Hub) ලෙස ස්ථාපිත කිරීමේ එක් පියවරක් ලෙස විදේශ සංචාරකයින් වඩ වඩාත් ශ්‍රී ලංකාවට ආකර්ශණය කර ගැනීම මෙහි අරමුණ වේ.

මේ මගින් ශ්‍රී ලංකාව ආසියාවේ වෙළෙඳ කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙල තවදුරටත් ඉදිරියට ගෙනයාමට හැකිවනු ඇත.

එසේම සංචාරකයින් වඩ වඩාත් ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ මිලට ගැනීමට නැඹුරුවීම තුළින් භාණ්ඩ සපයන ආයතන වැඩිදියුණු වීමත් ඒ හරහා විදේශ විනිමය ලංකාවට ආකර්ශණය වීමත් සිදු වනු ඇත.

ලෝක ප්‍රවණතාවයන් අනුව, ලෝකයේ බොහෝ රටවල් විදේශ සංචාරකයින් තම රටවලට ආකර්ශණය කර ගැනීම සඳහා පවත්වාගෙන යනු ලබන බදු ආපසු ගෙවීමේ ක්‍රමවේදය ශ්‍රී ලංකාවේ ද ආරම්භ වීමත් සමඟ ශ්‍රී ලංකාව කෙරෙහි මුළු මහත් ලෝකයේම අවධානය යොමු කරනු ඇත. ඒ මගින් සංචාරක ආකර්ශණයන් ශ්‍රී ලංකාව දෙසට නැඹුරු වීම තුළින් ශ්‍රී ලංකා ආර්ථිකය ද තවත් එක් පිම්මක් පනිනු ඇතැයි විශ්වාස කෙරේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විදේශ සංචාරකයන්ට වැට් බදු ආපසු ගෙවීම අද සිට.
විදේශ සංචාරකයන්ට වැට් බදු ආපසු ගෙවීම අද සිට.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjZDFvpVw8UpPXFq1IgGe1gT1SJy9ABwFb6EgQsSjSmZltthsagF7refuz6hN8CFz5dpdZdnzjaAaR0npGXtRc85eHgW0sxvDh9ocaEjREcd7XK2KoCSdNf2b4agxzCZe_QRAvMHarsqCn7/s1600/maxresdefault.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjZDFvpVw8UpPXFq1IgGe1gT1SJy9ABwFb6EgQsSjSmZltthsagF7refuz6hN8CFz5dpdZdnzjaAaR0npGXtRc85eHgW0sxvDh9ocaEjREcd7XK2KoCSdNf2b4agxzCZe_QRAvMHarsqCn7/s72-c/maxresdefault.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_781.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_781.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy