රටේ ආරක්ෂක කටයුතු සිදුවන අන්දම පිළිබඳ තමන්ගේ කිසිම පැහැදීමක් නැතැයි තිරසර සංවර්ධන වනජීවී හා ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සර...
රටේ ආරක්ෂක කටයුතු සිදුවන අන්දම පිළිබඳ තමන්ගේ කිසිම පැහැදීමක් නැතැයි තිරසර සංවර්ධන වනජීවී හා ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසූවේ රාජගිරියේ පිහිටි තිරසර සංවර්ධන වනජීවී සහ ප‍්‍රාදේශිය සංවර්ධන අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක දීය.
තමන් හමුදාපතිවරයාව සිටියදී හමුදාවේ පැවැති ජවය හෝ ශක්තිය අද දකින්නට නැති බවත් යුද්ධය පරදින අවස්ථාවල පවා අදට වඩා ජවයක් තිබු බවත් 2015 ජනවාරි 8 වැනිදාට පෙර තමන් සමඟ ආරක්ෂක කටයුතු පිළිබඳ වත්මන් බලධාරින් සාකච්ඡා කළ නමුත් එදායින් පසු කිසිදු අවස්ථාවක ඒ ගැන එක වචනයක් හෝ කථා නොකලේ යැයි ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ආරක්ෂක කටයුතුවලදී තමන් දෙකේ කොලේ වෙන්නට ඇතැයි ද තම උපදෙස් හෝ අදහස් වත්මන් බලධාරින්ට වැඩක් නැතිවා වෙන්නට ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවැසිය.
‘‘අද යුද්ධය නැති නිසා හොඳයි. නැත්නම් ඇත්තටම රටේ ආරක්ෂාව ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. යුද සමයේ 40,000 ක් මිය ගිය කථා ඇහෙනවා. නමුත් හිටියේ එල් ටී ටී ඊ භටයින් 35,000 ක් පමණයි. එයින් 12000 ක් අත් අඩංගුවට ගත්තා. මිය ගිය පිරිස මම හිතන්නේ හාර පන්දාහක් වෙන්න ඇති කියලයි. අවසන් සටන් සමයේ උතුරේ රතුකුරුස සංවිධානය හිටියා. සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාවට නැවක් තිබුණා. ඔය කියන විදියට හතලිස් දාහක් මියගියා නම් පුදුකුඩි ඉරුප්පුවල උදැල්ලක් ගහන ගහන ගාණෙ ඇට කටු අහු වෙන්න එපායැ. “
COMMENTS