ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර ඇති ජන බලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි අද (04) ඇති වු උණුසුම්කාරි තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට (04) දින...
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කර ඇති ජන බලය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදි අද (04) ඇති වු උණුසුම්කාරි තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව හෙට (04) දිනය දක්වා කල් තබා තිබේ.
එම උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව අද පැය දෙක හමාරකට සීමා විය. පාර්ලිමේන්තුව හෙටට කල් තැබුණු අතර කල් තැබීමේ විවාදයද නොපැවැත්විණි.
රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බන්ඩාර මහතා කළ ප්‍රකාශයකින් අනතුරුව ඊට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් විරෝධය පෑමත් සමඟ මෙම උණුසුම්කාරී තත්ත්වය හට ගෙන ඇත.
ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට (04) පැවැත්වීමට නියමිත ජනබලය වෙනුවෙන් කිසිදු නිතීමය හෝ අධිකරණමය පියවරක් ආණ්ඩුව විසින් ගෙන නොමැති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ අනෙක් මන්ත්‍රීවරුන් විරෝධය දැක්වීය.
COMMENTS