යාපනයේ චාවාකච්චේරී ප්‍රදේශයේ පිහිටි දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNLF) පක්ෂ කාර්යාලයට කිසියම් පිරිසක් විසින් ඊයේ (19) රාත්‍රී ප්‍රහාරයක් එල්ල ...
යාපනයේ චාවාකච්චේරී ප්‍රදේශයේ පිහිටි දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNLF) පක්ෂ කාර්යාලයට කිසියම් පිරිසක් විසින් ඊයේ (19) රාත්‍රී ප්‍රහාරයක් එල්ල කොට තිබේ.
මේ ප්‍රහාරයෙන් පක්ෂ කාර්යාලයට හා එහි නාම පුවරුවට අලාභහානි සිදුව ඇත.
ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ නායකත්වයෙන් යුත් TNLF පක්ෂයේ පිරිසට මෑත කාලයේ සිට තර්ජන වැඩි වී ඇති බව එම පක්ෂයේ ලේකම්වරයා මෙම පහර දීම සම්බන්ධයෙන් චාවාකච්චේරී පොලීසියට පැමිණිලි කළ අවස්ථාවේදී ප්‍රකාශ කොට තිබේ.
මීට සති තුනකට පමණ ඉහතදී මුලතිව් ප්‍රදේශයේ පිහිටි පක්ෂයේ කාර්යාලයටද ප්‍රහාර එල්ල කොට එහි වූ දේපල වලට හානි සිදු කොට තිබුණි.
චාවාකච්චේරී පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන යයි.
(දිනසේන රතුගමගේ)
COMMENTS