දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහා පරිමාණ වැලි ජාවාරමක තොරතුරු හෙළි වෙයි - දෙපාර්ශවයට නීති දෙකක්
Homeප්‍රවෘත්ති

මහා පරිමාණ වැලි ජාවාරමක තොරතුරු හෙළි වෙයි - දෙපාර්ශවයට නීති දෙකක්

PropellerAds

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මුහුදට ගලා බසින මහවැලි ගඟේ වැලි කැනීම් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනක නීති ද...

ආණ්ඩුවට කෝටි 517ක් පාඩුවන තවත් ඩීල් එකක්
සිංගප්පූරුවේදී බලාගමු කියා චීන පොහොර නෞකාව මෙරට මුහුදු සීමාවෙන් පිටව යයි..
Tobacco හා DCSL ජනසතු කරන්නැයි ජනපතිට යෝජනාවක් !
මහා පරිමාණ වැලි ජාවාරමක තොරතුරු හෙළි වෙයි - දෙපාර්ශවයට නීති දෙකක්

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් මුහුදට ගලා බසින මහවැලි ගඟේ වැලි කැනීම් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුනක නීති දෙකක ක්‍රියාත්මක වීම හේතුවෙන් බරපතළ පරිසර හානි මෙන්ම ප්‍රදේශවාසීන්ට විශාල අසාධාරණයක් සිදුව ඇතැයි ඔවුහු පෙන්වා දෙති.

මේ දිනවල මහා පරිමාණ වැලි ජාවාරම් කරුවන් නීතිය අතට ගෙන මහවැලි ගඟේ වැලි කැනීම් ක්‍රියාත්මක කරන බවත් එම ප්‍රදේශවල පදිංචි බලපත්‍ර ලබාගෙන වැලි ගොඩ දමන කම්කරුවන් නීතියට යටත්ව වැලි කැනීම් කරන බවත් ඔවුහු පවසති.

මේ ක්‍රියාවලියන් දෙකම එකම ස්ථානයක එකම මහවැලි ගගේ සිදුවීම විශේෂත්වයකි. බලපත්‍ර ලාබින්ට නිතිය තදින් ම ක්‍රියාත්මක වන බවත් ඔවුන් ඉදිරියේම නීති විරෝධිව හා නීති උල්ලංගනය කරමින් වැලි කැනීම් සිදුකරති .

මහා පරිමාණ වැලි ජාවාරම් කරුවන් මැඩලීමට ජනාධිපති වරයාගේ සිට පහළම නිලධාරියා දක්වා ලිඛිතව වාචිකව දැනුම් දුන්නද මෙම මහා පරිමාණ ජාවාරම  ක්‍රියාත්මක වන  බව මුතූර් ,සේරුවිල ,වෙරුගල්  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ වල ස්වේච්ඡා සංවිධාන නායකයෝ පෙන්වා දෙති.

ඒ අනුව ඊයේ (4) පෙරවරුවේ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ප්‍රමුඛ කණ්ඩායමක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සේරුවිල ප්‍රදේශයට ගොස් මෙම ජාවාරම පිළිබඳව සියැසින් දැක මාධ්‍යවේදීන්ට ද ඒවා පෙන්වන්න ද වූහ.

පිරිස මුලින්ම සේරුවිල ප්‍රාදේශීය සභාවට    ගොස් ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින් හා ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සභාපතිවරයා ඇතුළු පිරිස සමඟ මේ පිළිබඳව සාකච්ඡාවක් පවත්වන්නට යෙදුන.

එහිදී සේරුනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ .ජි . රණසිංහ මහතා කියා සිටියේ මෙම මහා පරිමාණ පරිසර විනාසය වැලි ජාවාරම පිළිබඳව තමන් ජනාධිපතිවරයා ගේ සිට  සියලු දෙනාට දැනුම් දුන්නද එහෙත් ජාවාරම්කරුවන් නවතාලීමට කිසිදු අයෙකුට නොහැකි බවය.

 එමෙන්ම ප්රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු වූ සුගත් රාමනායක මහතා ද කියා සිටියේ ප්‍රදේශයේ දේශපාලන මන්ත්‍රීවරුන් වශයෙන් මෙම ජාවාරම මැඩලීමට හැකියාවක් මෙතෙක් නොමැති බවය. ප්‍රබල දේශපාලන හස්තයන් නිසා මහා පරිමාණයෙන් රාජ්‍ය නිලධාරීන් එක්ව මෙම වැලි ජාවාරම ක්‍රියාත්මක කරන බව ද සඳහන් කළේය.

එහිදී රැස්වූ  ගොවි  සංවිධාන නායකයන් ද කියා සිටියේ රාජ්‍ය නිලධාරීන් මහා පරිමාණයෙන් මෙම වැලි ජාවාරම සිදු කරන බවත් ප්‍රදේශයේ බලපත්‍රලාභීන්ට දිළිඳු ජනතාවට නීතිය තදින් ක්‍රියාත්මක කර ද දේශපාලන අධිකාරියේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ ජාවාරම්වලට කිසිදු අයෙකුගෙන් බලපෑමක් එල්ල නොවන බවය.

 පසුව නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ එම ජාවාරම් සිදු වන ප්‍රදේශයට ගමන් කරන බවයි.

පසුව සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මහවැලි ගඟේ වැලි ගොඩ දමන ප්‍රදේශවලට නාමල් කරුණාරත්න මහතා පිරිස ගිය අවස්ථාවේදී දැකගැනීමට හැකි වූයේ ප්‍රදේශයේ ජනතාව බලපත්‍ර ලබාගෙන නීත්‍යානුකූලව හිස මතින් කර මතින් කුඩ වලින්  වැලිගොඩ දැමීම සිදුකරන ආකාරයයි .එමෙන්ම මහවැලි ගඟේ එම ස්ථානයේ සිට මීටර් කිහිපයක් දුරින් එනම් කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉවුරෙන් එගොඩ කිසිදු ඉවක්බවක් නොමැතිව මහා පරිමාණයෙන් ටැක්ටර්   ගඟට යොදා වැලි කැණීම් සිදුකරන අයුරු ඉතා රහසිගතව රූගත කර ගැනීමට අපට හැකිවිණි. මන්ද එම ප්‍රදේශයට කිට්ටුවීමට ප්‍රදේශවාසී ජනතාව මෙන්ම බොහෝ දෙනා දැඩි බියක් දක්වනු ලබන්නේ ඔවුන් එසේ ගිය විට නිවෙස් වලට  පැමිණ  පහරදීම් සහ විවිධ කරදර සිදු කරන නිසාවෙනි.

ප්‍රදේශයෙන් එපිට එනම් ත්‍රිකුණාමලය  පොලොන්නරුව , රත්නපුර, බලංගොඩ මහියංගනය ,කන්තලේ, ආදී දුර බැහැර ප්‍රදේශවල මහා පරිමාණ දේශපාලන හිතවතුන් සහ රාජ්‍ය නිලධාරීන්ගේ හිතවතුන් මෙයාකාරයෙන් කින්නියා ප්‍රදේශයේ මෙන්ම වෙරුගල්  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ප්‍රදේශයේ මහවැලි ගඟේ වැලි කැණීම් සිදුකරන බව ඔවුහු කියති.

මෙම මහා පරිමාණ වැලි ජාවාරම පිළිබඳව එම ස්ථානයේ සිට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ ත්‍රිකුණාමලයදිස්ත්‍රික්කයේ  මහවැලි ගඟේ වැලි ගොඩ දැමීම සඳහා අවසරපත්‍ර 113 ක් පමණක් රජයෙන් ලබාදී තිබෙන බවත් අනෙක් සියලු ස්ථාන ව්‍යාජව ගොඩ දමන බවය. එමෙන්ම ප්‍රදේශයේ දිළිඳු ජනතාවට ලබාදී ඇති බලපත්‍රය උපරිම ලෙස ඔවුන් ආරක්ෂා කරමින් මෙම වැලි ව්‍යාපාර සිදුකරගෙන ගිය ද ඉතාමත් පරිසර විනාශ කරන ආකාරයෙන් මහා පරිමාණ වැලි ජාවාරම්කරුවන්ගේ රජදහනක් ව පවතින බවය,

මෙම හේතුව නිසා මාවිල් ආරු ජලාශයට ජලය ගලායන මහවැලි ගඟේ අතු ගංගාව වැලිවලින් පිරී ජලය නොමැතිවීම හේතුවෙන් දැඩි අපහසුතාවකට පත්ව ඇති බව ගොවීන් පෙන්වා දෙති. කඩමින් මේ පිළිබඳ ව අවධානය යොමු නොකළහොත් ඉදිරියේදී   මාවිල්ලාරු සටනක් ගොවීන් සහ වැලි ජාවාරම් කරුවන් අතර   ඇතිවීම වැළැක්වීමට නොහැකි බව ගොවීන් පෙන්වා දෙති.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහා පරිමාණ වැලි ජාවාරමක තොරතුරු හෙළි වෙයි - දෙපාර්ශවයට නීති දෙකක්
මහා පරිමාණ වැලි ජාවාරමක තොරතුරු හෙළි වෙයි - දෙපාර්ශවයට නීති දෙකක්
http://am.lk/media/k2/items/cache/bd800bbe94e4e4fa672aa247d26c9703_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_52.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_52.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy