තමන් කරන වගකීම් හඳුනා ගන්නවා මිසක් අන් අයගේ දේවල්වලට ඇඟිලි ගැසීමට යෑමෙන් සිදුවන්නේ කූඤ්ඤේ ඇද්ද වඳුරාට සිදුවු දෙය බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆො...
තමන් කරන වගකීම් හඳුනා ගන්නවා මිසක් අන් අයගේ දේවල්වලට ඇඟිලි ගැසීමට යෑමෙන් සිදුවන්නේ කූඤ්ඤේ ඇද්ද වඳුරාට සිදුවු දෙය බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඊයේ (28) උදෑසන කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වාර්ෂික සාහිත්‍ය උළෙලකට සහභාගීවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
ජනාධිපතිවරයා නිව්යෝක් නුවර දී සිදුකල ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යරයා කියා සිටියේ, යුද්ධයක් පවතින විට පරිපාලනය ඇතුළු තවත් බොහෝ දේවල් පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත්, එය යුද්ධය පටන් ගත් මොහොතේ සිට කොකා ගැස්සීමට බලා සීටිමක් වැනි ක්‍රියාවක් නොවන බවයි.
විශේෂයෙන් යුද්ධයක් පවතින අවස්ථාවේ දී ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ඒ ඒ වගකිම් පැවරෙන බවත්, යුද්ධයේ අවසන් සති කිහිපයගේ හිටපු ජනාධිපතිවරයාත් රටින් පිටවීමට සිදුවු බවත් පැවසූ අමාත්‍යරවයා තමාට ද රාජකාරි වැඩක් සඳහා අවසන් දින කිහිපයේ චීනයට යෑමට සිදු වු බව ද පැවසීය.
යුද්ධයක් කිසි විටෙකත් සති දෙකකින් තීරණය කල නොහැකි බවත්, අවසාන සති දෙකේ ඉතිරිව තිබුණේ යුද්ධයේ කෝප්‍රල්වරයෙකුට කළ හැකි දෙයක් පමණක් බව ද පැවසූ සරත් ෆොන්සේකා මහතා සති දෙකකින් යුද්ධය නිමකළ හැකි බව ඇතැමුන් සිතා සිටින්නේ කෙසේ ද යන්න පවා ගැටළුවක් බව කියා සිටියේය.
COMMENTS