ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදට (03දා) යෙදී තිබෙන උපන්දිනය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුම හරහා සු...
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදට (03දා) යෙදී තිබෙන උපන්දිනය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුම හරහා සුබ පැතුම් එක්කිරීමට කටයුතු කර තිබේ.
ජනපතිවරයාට සුබ පැතුම් එක්කරන මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ දේශපාලන වෙනස්කම් පැත්තකින් තබා සතුටුන් පිරුණු වසරකට හා හොඳ සෞඛ්‍ය තත්ත්වයකට ජනපතිවරයාට සුබ පැතුම් එක්කරන බවයි.
මේ අතර නේපාලයේ පැවති සිවුවන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව, එහි සභාපතිත්වය හිමි වූ ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (02) රාත්‍රියේදී යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය.
ජනපතිවරයා ගුවන් යානයෙන් බැසීමෙන් පසු රතු පලස මතින් කටුනායක ගුවන්තොටුපොළ අතිවිශේෂ අමුත්තන්ගේ මැදිරි පරිශ්‍රය වෙත කැඳවා ගෙන එනු ලැබිණී.
ඉන් අනතුරුව එහිදී එතුමා ඇතුළු දූත පිරිසට සෙත් පතා සර්ව ආගමික වතාවත් සිදු කළ අතර, ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිළිගැනීමට විශාල මැති ඇමතිවරුන් පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.
COMMENTS