ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ විරෝධතාව අසාර්ථක විරෝධතාවක් වුවත් මාධ්‍ය එය සාර්ථක බවට පවසන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අගමැති...
ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ විරෝධතාව අසාර්ථක විරෝධතාවක් වුවත් මාධ්‍ය එය සාර්ථක බවට පවසන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අගමැතිවරයා මේ බව පැවසූවේ හලාවතදී පැවැති පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්විමට එක්වෙමිනි.
එහිදී අග්‍රාමාත්‍යවරය මෙසේද පැවැසීය.
“සැප්තැම්බර් පස් වැනිදා උද්ඝෝෂණය මාධ්‍යයෙන් පෙන්වූයේ මේක විශාල බලවේගයක් ආණ්ඩුව වට්ටන බලවේගයක්, මාව පන්නනවා, ජනපති පන්නනවා, බලය ගන්නවා බලය අරගෙන තමයි යන්නේ කියලා. අන්තිමට කාමර 25ක්ද 30ක්ද අරගත්තා ෂැංග්‍රීලා හෝටලයෙන්. පළවෙනි ඇමැති කණ්ඩායම එතන තමයි ඉන්න ගියේ දිවුරුම් දුන්නට පස්සේ ගෝල්ෆේස් පිට්ටනියේ. අන්තිමට මොකද වුණේ බබා ෂැංග්‍රීලා එකේ, බේබද්දා කාණුවේ, අපි බලයේ. දැන් මාධ්‍ය යෙන් බනින්නේ අපිට විතරයි.
මිනිස්සුත් බනිනවා අසාර්ථක උද්ඝෝෂණයක් කළා කියලා. මන්ත්‍රීවරු බැනලා තියෙනවා. මාධ්‍යයෙන් බනින්නේ නෑ. ඒකයි පුදුමේ. ඉරිදා පත්තර සාර්ථකම එකලු (කියලා කියනවා).”යැයිද අගමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS