නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයෙන් පැනයෑම සඳහා කළ සැලසුමකට ආධාර අනුබල දුන් දැනට අතුරුදහන් වී ඇති ...
නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයෙන් පැනයෑම සඳහා කළ සැලසුමකට ආධාර අනුබල දුන් දැනට අතුරුදහන් වී ඇති පොලිස් කොස්තාපල්වරයා සොයා ගැනීමට පොලිස් දෙපාර්තමේන්තුව ජනතා සහය පතයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටිනා හරක්කටාගෙන් ප්‍රශ්න කරමින් සිටිය දී ඔහුගේ ආරක්ෂාවට යොදවා සිටි විශේෂ කාර්ය බලකායේ එස්.අයි. වරයෙක් සමග ගිනි අවිය ලබා ගැනීම සඳහා පොරබැදා තිබේ. එම සිද්ධියට ස්වල්ප වෙලාවකට පෙර හරක් කටාව වැසිකිළියට රැගෙන ගිය ඉහත කොස්තාපල් හරක්කටාගේ විලංගු අගුළු නොදා තිබුණු බවත් සිද්ධියෙන් පසු ඔහු ආ ගිය ඇතක් නැති බවත් පොලිස් දෙපාර්තමේන්තුව කියයි.
ඔහු සෙවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ප්‍රධානත්වයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විශේෂ මෙහෙයුමක් අරඹා ඇති බව පොලිසිය කියයි.
පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.
COMMENTS