ප්‍රංශයේ ඉහළම සම්මානයෙන් පිදුම් ලැබූ හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට සුබ පැතුම් එක් කිරීමට නාමල් රාජපක්ෂ මහතා කටයුතු ...
ප්‍රංශයේ ඉහළම සම්මානයෙන් පිදුම් ලැබූ හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට සුබ පැතුම් එක් කිරීමට නාමල් රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
ඊයේ (20) හිටපු ජනපතිනියට මෙම සම්මානය හිමිවිය.
රංශ රජය පිරිනමන ඉහළම ගෞරව සම්මානය වන ‘කොමාන්දියර් ද ලා ලීජියෝන් දොනර් ’ සම්මානයෙන් පිදුම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමත්ව ඇත.
දේශපාලනික වශයෙන් අසමානතා තිබුණත් හිටපු ජනපතිනියට සුබ පතන බව නාමල් රාජපක්ෂ මහතා සිය ටිවිටර් ගිණුම ඔස්සේ සඳහන් කර තිබේ.
COMMENTS