මාර්ග සංවර්ධන අධිකාරිය රජයේ බැංකු වලට රුපියල් කෝටි විසිතුන්දහස් තුන්සීයක් ණය වී තිබෙන බව පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළි වුණේයැයි ජනතා ව...
මාර්ග සංවර්ධන අධිකාරිය රජයේ බැංකු වලට රුපියල් කෝටි විසිතුන්දහස් තුන්සීයක් ණය වී තිබෙන බව පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළි වුණේයැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ (23) ගලේවෙල ප්‍රදේශයේ පැවැති ජන හමුවකදී පැවසීය.
බැංකුවල ඇත්තේ රටේ පොදු මහජනතාවගේ මුදල් බවත් පසුගිය රාජපක්ෂ පාලනයේදී සිදුකරනු ලැබුවේ එම බැංකුවලින් මාර්ග සංවර්ධන අධිකාරියට ණය ලබාගෙන මාර්ග ඉදි කළ බවය. එමෙන්ම වර්තමානයේ මහජනතාව එම ණය මුදල් මහා භාණ්ඩාගාරයට ගෙවීමට සිදුව ඇති බව ද සඳහන් කළේය.
සවුදියේ සිට හම්බන්තොට වරායට පෙට්රල් ලිටරයක් ගෙනඒම සඳහා රුපියල් 78 ක මුදලක් වියදම් වන බවත් එහෙත් අලෙවි කරනු ලබන්නේ රුපියල් එකසිය හැට පහකට බව සුනිල් හදුන්නෙත්ති මහතා සඳහන් කළේය. ඉතිරි සියලුම බදු මහජනතාවගෙන් ලබා ගෙන තිබෙන බවත් හෙතෙම අවධාරණය කළේය. සෞදි අරාබියාවේ කැණීම් කොට බවුසර මගින් සෞදියේ වරායට ගෙන්වා එහි සිට නැව් මගින් ශ්‍රී ලංකාවට ගෙනාවා ලීටරයක් රුපියල් හැත්තෑ අටකට නමුත් රුපියල් එකසිය හැට පහකට අලෙවිකරන්නේ ලංකාවෙන් බව හෙතෙම සඳහන් කළේ ය.
මෙරට ප්‍රතිපත්තියක් නොමැති බවත් ඇමැතිවරුන්ට සහ මහජනතාවට ප්‍රතිපත්ති දෙකක් ක්‍රියාත්මක වන බව සඳහන් කළේය. එම නිසා රටට ප්‍රවාහන ප්‍රතිපත්තිය මාර්ග පරිහරණ ප්‍රතිපත්තිය වාහන ප්‍රතිපත්තිය ආදී ප්‍රතිපත්ති සැකසිය යුතු යැයි ද අවධාරණය කළේය.
වර්තමානයේ මාධ්‍යට ප්‍රතිපත්තියක් නොමැති නිසා දේශපාලනඥයින් විසින් මාධ්‍ය නිදහස අහිමි කොට ක්‍රියාත්මක වෙන බව ද සඳහන් කළේය.
මෙරට වනාන්තර සතා සිවුපාවා පරිසර පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ කොට අවසන් බවත් 2015 වසරේ ලෝක ආපදා දර්ශකයේ ශ්‍රී ලංකාව පැවතියේ 98වන ස්ථානයේ බවත් 2018 වසර වන විට එය 4 වන ස්ථානයට පැමිණ තිබෙන බව ද ඳහන් කළේය. විනාශ කර ගැනීමෙන් 4 වෙනි ස්ථානයට කරා පත්වීම බරපතල ප්‍රශ්නයක් බව හෙතෙම මෙහිදී සඳහන් කළේය.
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
COMMENTS