පොලිස්පතිවරයා නුවර පෙරහැරේ තමාගේ නිල ඇඳුමින් නර්ථනයේ යෙදීම පොලිස්පති තනතුරට කරන අපහාසක් හා දළදා පෙරහැරට කරන නිග්‍රහයක් බවත් පොලිස්පතිවරයාග...
පොලිස්පතිවරයා නුවර පෙරහැරේ තමාගේ නිල ඇඳුමින් නර්ථනයේ යෙදීම පොලිස්පති තනතුරට කරන අපහාසක් හා දළදා පෙරහැරට කරන නිග්‍රහයක් බවත් පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය අනුමත කළ නොහැකි බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ ඊයේ(08) පස්වරුවේ ගොඩකවෙල පැවති එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක් සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.
හිටපු ජනාධිපතිවරයා යුද්දය අවසන් කළා පමණක් නොව පශ්චාත් යුද සමයේ සංවර්ධනයක් ඇති කළ බවත් එම නිසා එවැනි නායකයෙකුට රට බාරදිය යුතු යැයි පවසන්නේ එම හේතුව නිසා බව හිටපු ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නේය.
සමස්ත රජයම අද සාකච්ඡා කරන්නේ රාජපක්ෂාට ජම්පර් අන්දන්නේ කෙසේද බවත් කුඩු සහ පාතාලය රජ කරනව නම් රටක් නිදහස තියෙන්නේ කෙසේදැයි ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රශ්න කළේය.
COMMENTS