අද ආණ්ඩුව ක්‍රියාත්මක කරගෙන යන මේ ගම්පෙරලිය වැඩසටහන ජනතාව රැවටීමක් පමණක් බවත් සාමාන්‍ය ජනතාව මුලාවේ දැමීම එක්සත් ජාතික පක්ෂයේ ජාන වලින් එ...
අද ආණ්ඩුව ක්‍රියාත්මක කරගෙන යන මේ ගම්පෙරලිය වැඩසටහන ජනතාව රැවටීමක් පමණක් බවත් සාමාන්‍ය ජනතාව මුලාවේ දැමීම එක්සත් ජාතික පක්ෂයේ ජාන වලින් එන දෙයක් බවත් මේ වැඩසටහන ගම්පෙරලිය නෙමෙයි වැඩසටහන ක්‍රියාත්මක කරණ නිලධාරීන් දිහා බලපුවාම අපිට පෙන්නේ ඒක පෙම් පෙරලියක් යැයි හිටපු අමාත්‍ය සහ හිටපු කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල ආසන සංවිධායක ජයරත්න හේරත් මහතා පවසයි.
හිටපු අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කලේ පෙරේදා (02) ඒ මහතාගේ නිවසේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලමණ්ඩල රැස්වීමට සහභාගී වූ පිරිස අමතමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේය.
“අද රට දිහා බලපුවාම අපිට කණගාටුවක් විතරයි දැනෙන්නේ. පොඩි මිනිහා කබලෙන් ලිපට වට්ටලා එතනිනුත් පහලට හාරලා දාලා තියෙන්නේ. අපි මේ තත්වය වෙනස් කරන්න ඕනේ. ඒ වෙනස් කිරීමේ අඩිතාලමේ තවත් දවසක් තමයි සැප්තැම්බර් 05 කියන දවස. අපි ජනබලයට කුරුණෑගලින් වැඩිම පිරිසක් රැගෙන යාමට බලාපොරොත්තුවෙනවා. දැනටමත් විශාල සෙනගක් කුරුණෑගලින් එකතුවෙලා තියනවා. කොහොමත්ම සාලින්ද දිසානායක මන්ත්‍රිතුමයි, ජොන්ස්ටන් මන්ත්‍රීතුමයි මමයි හිටපු ජනාධිපතිතුමාගේ ගෞරවය තියලා ඒ ශක්තිය කුරුණෑගලින් පෙන්වනවා.”
“ඉතිහාසයේ ඉඳන් කතාවක් තියනවා වයඹ යන අතටයි රට යන්නේ කියලා. ඒ නිසාම තමයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කුරුණෑගලින් තරඟ කලේ. අද එතුමා නියෝජනය කරන්නෙත් කුරුනෑගල දිස්ත්‍රික්කය. අපි 05 වෙනිදට අපේ ඉහලම හයිය පෙන්වනකොට ඔය ගම්පෙරලි කියලා පෙම්පෙරලි වර්ධනය කරගෙන යන අයට ගොඩක් රිදෙයි. විශේෂයෙන් කියන්න ඕනේ මේ ජනතාව රවට්ටන ආණ්ඩුව හිතාගෙන ඉන්නේ ජනතාව අන්ධයි, ගොළුයි, බිහිරියි කියලා. ඒ වුනාට විශේෂයෙන් කුරුනෑගල ජනතාව දන්නවා අපි අන්ධ නෑ කියලා. අගමැතිතුමාගේ ආදරේ තියෙන්නෙත් කුරුණෑගලට හින්දා ඒ ආදරේ නාමයෙන් මේ දවස් වල පෙම්පෙරලිය දියත් කරගෙන යනවා. ඒ පෙරලි වලට ආයෙත්නම් කුරුණෑගල ජනතාව රැවටෙන්නේ නෑ. ජනතාවට සමෘධිය ඇතිකරන්න අපි ඒකාන්තයෙන් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආශීර්වාදය යටතේ ආණ්ඩුවක් ස්ථාපිත කරනවා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS