දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිට්ලර් සමග සෙල්ෆි සුම්මා! - ඉටි පිළිමය ඉවත් කරයි.
Homeප්‍රවෘත්ති

හිට්ලර් සමග සෙල්ෆි සුම්මා! - ඉටි පිළිමය ඉවත් කරයි.

PropellerAds

ජීවමාන ප්‍රමාණයේ මේ හිට්ලර් පිළිමය සමග එය නරඹන්නට එන අය, විශේෂයෙන්ම ගැහැනු උදවිය සෙල්ෆි ඡායාරූප ගන්නා ආකාරය, සමාජ ජාල වෙබ් අඩවි හරහා ලොව ...

රට අනතුරේ හෙළා පසෙකට වී සිටින්නට පුළුවන් දැයි ගෝඨා අසයි
මනුෂගෙන් අනාවරණයක්
"පාර්ලිමේන්තු සම්ප්‍රදාය දූවිල්ලට දාල වැඩ කරන කොට අපට ශීලාචාරය රකින්න බෑ" - කෙහෙළිය
හිට්ලර් සමග සෙල්ෆි සුම්මා! - ඉටි පිළිමය ඉවත් කරයි.

ජීවමාන ප්‍රමාණයේ මේ හිට්ලර් පිළිමය සමග එය නරඹන්නට එන අය, විශේෂයෙන්ම ගැහැනු උදවිය සෙල්ෆි ඡායාරූප ගන්නා ආකාරය, සමාජ ජාල වෙබ් අඩවි හරහා ලොව පුරා ප්‍රචලිත වීම නිසා පසුගිය දිනවල හටගෙන තිබුණේ විශාල ආන්දෝලනයකි. ඒ මදිවාට එම පිළිමයේ පසුතලයේ තිබුණේ ඉතිහාසයේ කළු පැල්ලම් ඉතිරි කළ අවුට්ස්විච් වධ කඳවුරේ ඡායාරූපයකි. ඒ අනුව මෙතැනට විත් සෙල්ෆි ගන්නා අය මෙතෙක් කළේ, ලක්ෂ 11 ක් දෙනා අමු අමුවේ ගෑස් කාමරවලට යැවූ වධ කඳවුර ඉදිරිපිට සිටගෙන සිටිනා නාසි ආඥාදායකයා සමග විරිත්තමින් සෙල්ෆි ගැනීමයි.

සෙල්ෆි ගැනීමට අමතරව හිට්ලර් සමග නාසි සැලියුට් ගැසීම ඇතුළු නානා ප්‍රකාර විකාර ඉරියව් මවමින් ගන්නා ලද ඡායාරූප පසුගිය සමයේ සමාජ වෙබ් අඩවිවල විශාල වශයෙන් දක්නට ලැබුණේය.

 

ජාවා නගරයේ පිහිටා තිබෙන මෙම ජොජාකර්තා කෞතුකාගාරය De ARCA Statue Art Museum යනුවෙන් හැඳින්වේ. මේ සමග පළ වන ඡායාරූපය වැනි ඡායාරූප අන්තර්ජාලයේ සංසරණය වූ පසු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන තරයේ කියා සිටියේ මනුෂ්‍ය සංහාරයේ යෙදුණු කෲර පුද්ගලයෙකු වීර චරිතයක් බවට පත් කිරීම හරහා කෞතුකාගාරය වරදක් කර ඇති බවයි. වහාම හිට්ලර් ප්‍රතිමාව ඉවත් කෙරුණේ ඒ අනුව ය. කෞතුකාගාරය මෙම හිට්ලර් ප්‍රතිමාව මෙහි තැබීමට හේතුව වශයෙන් දක්වා තිබුණේ නරඹන්නන්ට අධ්‍යාපනය ලබාගැනීම සඳහා යනුවෙනි.

යුදෙව් මානව හිමිකම් පිළිබඳ ‘ද සයිමන් වීසෙන්තාල් සෙන්ටර්’ සංවිධානයේ රාබි ඒබ්‍රහම් කූපර් මෙසේ කියයි. “මේකෙ පසුබිම අප්‍රසන්නයි. මේ වධ කඳවුර තුළට ගිය, නමුත් කිසිදා ආපසු නොපැමිණි දහස් ගණන් අහිංසකයන්ව මේකෙන් විගඩමක් බවට පත් වෙනවා...”

දෙවන ලෝක යුධ සමයේ ආර්ය සිහිනයෙන් පෙළුණු හිට්ලර්ගේ එකම අභිප්‍රාය වූයේ මේ ලෝකයේ ආර්ය ජාතිකයන් පමණක් ඉතිරි කර ඔහු විසින් පහත් යැයි සැලකූ සෙසු සියලු ජාතීන් ලොවෙන් තුරන් කිරීමයි. එහිදී ලක්ෂ ගණන් යුදෙව්වන් පමණක් නොව, රෝමා අහිකුණ්ඨකයන්, සෝවියට් යුධ සිරකරුවන් ඇතුළු මිලියන 1.1 ක්, එනම් ලක්ෂ 11 ක් මිනිසුන් මෙම අවුට්ස්විට්ච් වධ කඳවුරට යවා ගෑස් ආඝ්‍රාණය කරන්නට සලස්වා ඝාතනය කරන ලදී.

ලෝකයේ වැඩිම මුස්ලිම් ජනගහනයක් සහිත රට ඉන්දුනීසියාවයි. මෙවැනි රටක ප්‍රධාන පෙළේ කෞතුකාගාරයක හිට්ලර් ප්‍රතිමාවක් උත්කර්ෂයට නැගීම මගින් සංකේතවත් වන්නේ එරට තිබෙන යුදෙව් විරෝධී හැඟීම් බවට ද මේ අතර මානව හිමිකම් සංවිධාන චෝදනා නගයි.

මෙයට වසරකට පමණ පෙර ඉන්දුනීසියාවෙන්ම වාර්තා වූයේ නාසි තේමාව සහිත කැෆේ එකක් විවෘත කර ඇති බවයි. නමුත් දැඩි විරෝධතා මධ්‍යයේ එය ද වසා දැමීමට ඉන්දුනීසියාවට සිදුවිය.

හිට්ලර්ගේ ඉටි පිළිමය මෙම කෞතුකාගාරයේ ඇති ජනප්‍රියම වැක්ස් නිර්මාණ 80 අතරින් එකක් විය. මෙයට අමතරව සුපිරි හින්දි නළු ෂාරුක් ඛාන් මෙන්ම ඉන්දුනීසියානු ක්‍රමයට බතික් සරමක් ඇඳගත් ස්පයිඩර්මෑන් කෙනෙක් ද මේ කෞතුකාගාරයේ සිටියි.

-අමාලි ජයවීර

ස්පයිඩර් මෑන් ඉන්දුනීසියානු ක්‍රමයට බතික් සරමක් ඇඳගෙන...

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිට්ලර් සමග සෙල්ෆි සුම්මා! - ඉටි පිළිමය ඉවත් කරයි.
හිට්ලර් සමග සෙල්ෆි සුම්මා! - ඉටි පිළිමය ඉවත් කරයි.
http://ift.tt/2i9IbOR
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_272.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_272.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy