දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"අපේ රටේ තමයි, දියුණුව එපා, සංවර්ධනය එපා කියලා පෙළපාලි යන එකම රට" : මාධව වෛද්‍යරත්න.
Homeගොසිප්

"අපේ රටේ තමයි, දියුණුව එපා, සංවර්ධනය එපා කියලා පෙළපාලි යන එකම රට" : මාධව වෛද්‍යරත්න.

PropellerAds

දියුණුව එපා, තාක්ෂණය එපා, සංවර්ධනය එපා කියලා පෙළපාලි යන එකම රට අපේ රට බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධ්‍ය වෛද...

ජර්මනියෙන් ලංකාවට නොමිලේ ගිලන් හෙළිකොප්ටර් 24 ක්, ගිලන් රථ 1050 ක්
Wallawatte Building Collapse Pictorial
වැල්ලවත්තේ පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටෙයි - 21 ක් රෝහලට



දියුණුව එපා, තාක්ෂණය එපා, සංවර්ධනය එපා කියලා පෙළපාලි යන එකම රට අපේ රට බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මාධ්‍ය වෛද්‍යරත්න මහතා පවසයි.


ඒ මහතා මෙම අදහස් පළ කර සිටියේ අද (11) දින හෝමාගම තාක්‍ෂණ නගරයට එරෙහි විරෝධය යථාර්ථයක්ද? යන මැයෙන් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. 

මෙම මාධ්‍ය හමුව අමාත්‍යාංශයේ සංවිධානය කර තිබූ අතර එම අවස්ථාවට තාක්‍ෂණ නගරයේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ලාල් පේ‍්‍රමනාත්, එන්.එස්.බී.එම්. හරිත සරසවියේ ජ්‍යෙෂ්ඨ කළමණාකරු රාජ් පේ‍්‍රමදාස, ස්ලිම්ටෙක් ආයතනයේ සුනන්ද ගුණසේකර යන මහත්වරුන් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය, මොරටුව විශ්ව විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලය ඇතුළු අදාල ව්‍යාපෘති නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

එහිදී අදහස් දැක්වූ අතිරේක ලේකම්වරයා, ඉඩම් වගාබිම් මංකොල්ල කන තාක්ෂණ නගර ප්‍රෝඩාව අපට එපා යනුවෙන් මේ මොහොතේ පිටකොටුව ප‍්‍රදේශයේ උද්ඝෝෂණයක් පැවැත්වෙනවා. මේ සම්බන්ධව ඔවුන් මතු කරන ගැටළු කිහිපයක් තිබෙනවා. යථා තත්වය මාධ්‍ය වෙත පැහැදිලි කිරීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවනු ලැබුවේ.

ඔවුන් නගන මූලික තර්කය තමයි මේ තාක්ෂණ නගර ව්‍යාපෘතිය හරහා අක්කර 4000 ක ඉඩම් ප‍්‍රමාණයක් රජය විසින් කොරියාවට විකුණන්න බලාපොරොත්තු වන බවත්, එම අක්කර 4000 කොරියානු රජයට නැතිනම් කොරියානු සමාගම්වලට විකිණීම නිසා අති විශාල ජනතාවකට ඔවුන්ගේ ගම්බිම් වාසස්ථාන අහිමිවන බවත්, විශාල ප‍්‍රමාණයක් නිවාස අහිමි කර ඔවුන් තට්ටු නිවාසවලට ගාල් කිරීමට උත්සාහ කරන බව වගේම සිංගප්පූරු ගිවිසුම යටතේ සිංගප්පූරුවේ අපද්‍රව්‍ය ගෙනත් දැමීම වැනි  තවත් සුරංගනා කතා ඔවුන් විසින් ප‍්‍රකාශ කරනු ලබනවා. ඒ වගේම මේ නිවාස හදනකම් නැනෝ තාක්ෂණ ආයතනය මගින් වර්ෂාව ප‍්‍රමාද කිරීමට කිසියම් රසායනික ද්‍රව්‍යයක් අහසට විද ඇති බවටද අලූතින් මතයක් ඇතිකර තිබෙනවා. කිසිම තාර්කික භාවයක් නැති චෝදනා රාශියක් ඉදිරිපත් කරනවා.

තාක්ෂණ නගර ව්‍යාපෘතිය සලකන්නේ මේ රටේ අනාගතය තීරණාත්මක ලෙස ආර්ථිකය හසුරුවන, ආර්ථිකයේ නව පිම්මක් පනින, හිරවෙලා ඉන්න මධ්‍යම ආදායම් උගුලෙන් ගැලවිලා තාක්ෂණය දැනුම, නවෝත්පාදනය පදනම් කර ගත් ආර්ථිකයක් කරා ගමන් කිරීමට ගන්නා උත්සාහයක් ලෙසයි. සාම්ප‍්‍රදායික තේ, පොල්, රබර්, ඇඟලූම් ආර්ථිකය තවදුරටත් ඉදිරියට යන්න බැහැයි කියලා සනාථ වෙලා තිබෙන මොහොතක මේ රටේ ආර්ථිකව නව පිම්ම ගන්න අවශ්‍යවෙන යටිතලය සකස් කරන්න තමයි මේ තාක්ෂණ නගර ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වෙන්නේ. මේ සම්බන්ධව අපි ඉතාමත්ම කණගාටු වෙනවා. මම කණගාටු වෙනවා, අපේ රටේ තමයි රටට දියුණුව එපා, තාක්ෂණය එපා, සංවර්ධනය එපා කියලා පෙළපාලි යන එකම රට.  

මෙහි යතාර්ථය අපි මෙසේ පැහැදිලි කර ගමු. මේ කියන ඉඩම් අක්කර 4000ක් අත්පත් කර ගැනීම සහ එය කොරියානු සමාගම්වලට විකිණීම. මේ චෝදනා නගන අයත් දන්නවා, හැබැයි නොදන්නවා වගේ මේ කි‍්‍රයාවන් සිදු කරනවා. මොකද මේ රටේ ඉඩම් කිසිම රටකට විකුණන්න බැහැ. එය මේ රටේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුවත්, මේ රටේ ඉඩම් පණත අනුවත් මේ රටේ කිසිම ඉඩමක් විදේශිකයෙකුට විකුණන්න බැහැ. නමුත් 77 පසු නව ආර්ථික ක‍්‍රමය රටට පැමිණියාට පසු පොදුවේ මෙරට පැවැතුණ රජයන් තේරුම් ගත් ප‍්‍රතිපත්තියක් තමයි මේ රට සංවර්ධනය කරන්න බාහිරින් එන ආයෝජන අවශ්‍යයි කියන එක. අයෝජන මණ්ඩලයක් පිහිටුවලා මෙරටට එන ඍජු ආයෝජන, විදේශීය ආයෝජන අවශ්‍යයි එය ප‍්‍රවර්ධනය කළ යුතුයි කියන ප‍්‍රතිපත්තිය අනුව විදේශ ආයෝජන මෙරටට පැමිණිය හැකියි. එවැනි විදේශ ආයෝජන තාක්ෂණ නගර භූමිය තුළ පිහිටුවන්නත් පුළුවන්.

ඒ වගේම මේ රටේ ඉඩම් විකිණීම සඳහා කොරියානු රජය හෝ කොරියානු සමාගම් සමග කිසිදු ගිවිසුමක් ශ‍්‍රී ලංකා රජය හෝ අප අමාත්‍යාංශය අත්සන් කොට නොමැති බව සඳහන් කළ යුතුයි. හැබැයි මේ පසුගිය දශක කිහිපය තුළ ලෝකයේ දැවැන්ත ලෙස තාක්ෂණය අතින් ඉදිරියට ගිය රටක් හැටියට කොරියාව අපි දන්නවා.  මෙහි ඔවුන් අත්කර ගත් තාක්ෂණ දියුණුවත් සමග ඔවුන් සතු විද්‍යාඥයින් ඇතුළු විශේඥයින්ගේ දැනුම අප රටට ලබාගන්න, මේ තාක්ෂණ නගරය දියුණු කිරීම සඳහා යොදා ගැනීමේ අරමුණ ඇතිව අපි අවබෝධතා සංදේශයක් අත්සන් කර තිබෙනවා. මෙය අවබෝධතා ගිවිසුමක් ලෙස වැරදියට ප‍්‍රකාශ කරනවා. නමුත් මෙය අවබෝධතා සංදේශයක්. ඒ තුළ ඇත්තේ කොරියානු රජයේ, ඉඩම් යටිතල පහසුකම් සහ ප‍්‍රවාහන අමාත්‍යංශය අපත් සමග අවබෝධතාවයකට එළැඹී තිබෙනවා මේ තාක්ෂණ නගරයේ සැලසුම සකස් කරන්න එයට අදාල වෙනත් විශේඥ කණ්ඩායම් අපත් සමග හුවමාරු කර ගැනීම වගේම මෙම කාර්යයේ නියුතු වන අපේ පිරිස් පුහුණු කරන්න ඔවුන්ගේ දායකත්වය ලබාදීම තමයි එහි අරමුණ. එහෙම නැතිව ඔවුනට ඉඩම් දෙන්න, මේකට හිලව් කරන්න ගිවිසුමක් නැහැ. ඔබ දන්නවා ලෝකයේ  ඕනෑම දියුණු රාජ්‍යයන් සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට තාක්ෂණික සහය ලබාදෙනවා. එවැනි අවබෝධතා සංදේශයක් තමයි අපි අත්සන් කර තිබෙන්නේ කොරියාවත් සමග.

විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි මේ අක්කර 4000 කියන කතාව සම්පූර්ණ බොරුවක්. මොකද මූලික සැලසුම්වලදී හෝමාගම ආශ‍්‍රිත අවට ප‍්‍රදේශය මේ සඳහා සමීක්‍ෂණයට බඳුන් කරද්දී තාක්ෂණික ශඛ්‍යතාවය, ඒ කියන්නේ මේ නගරයේ යම් යම් කි‍්‍රයාකාරකම් පිහිටුවන්න පුළුවන් අවශ්‍ය විභවය පවතින විශාල ප‍්‍රදේශයක් හඳුනා ගත්තා. විභවය කියන්නේ භෞතික වශයෙන් මේ සඳහා ඇති විභවය. එයින් අදහස් වෙන්නේ නැහැ මේ සියළු ප‍්‍රදේශ මේ ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නා බවට. මේ වන විට විභවතාවය සහිත ශඛ්‍යතාවය සහිත ප‍්‍රදේශ අතරින් අපි දැනටමත් අක්කර 200 ක් පවරාගෙන එම ස්ථානයේ කි‍්‍රයාත්මක වන ව්‍යාපෘති තිබෙනවා. නැනෝ තාක්ෂණ ආයතනය, ටෙලිකොම් ආයතනය ඊට අමතරව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ යම් යම් පරීක්‍ෂණාගාර, ඒ වගේම අනාගතයේ ඉදිවන ජෛව තාක්ෂණ උද්‍යානය, වගේම කොළඹ, ජයවර්ධනපුර සහ මොරටුව විශ්ව විද්‍යාල තාක්ෂණික පීඨය. දැනටමත් එහි පවතින භීඵඊ විශ්ව විද්‍යාලය මේ සියල්ල පවතින්නේ දැනටමත් අත්පත් කරගෙන තිබෙන අක්කර 200 ඇතුලේ. ඊට අමතරව අපි හඳුනාගෙන තිබෙනවා තවත් අක්කර 250 ක් පවරා ගැනීම සඳහා තාක්ෂණ නගරයේ සිදුවන කි‍්‍රයාකාරකම්  වෙනුවෙන්. මේ අක්කර 250 තුළ තිබෙන්නේ විශාල ඉඩම්, පර්චස් 10, 15 ජනතාව පදිංචි ඉඩම් නෙමෙයි. දඹුගොල්ලවත්ත අක්කර 34, කාවුලූහේන වත්ත අක්කර 42 යි. හොරගල වත්ත අක්කර 120 යි. දෙහිගහවත්ත අක්කර 23, තලගල වත්ත අක්කර 27යි. මෙන්න මේ ඉඩම් තමයි අපි හඳුනාගෙන තිබෙන්නේ. මෙම ඉඩම්වලට අයිතිකාරයෝ හිටියත්  ජනතාව පදිංචි ඉඩම් නෙමෙයි. ඒ පිරිස් එම ඉඩම් තමන්ගේ ආයෝජනයන් ලෙස තබාගෙන මෙම ප‍්‍රදේශයෙන් බාහිරව තමයි ජීවත් වෙන්නේ.

මෙම ඉඩම් මැනුම් කිරීමේදී දඹුගොල්ලවත්ත කියන ඉඩමෙන් අපට දැන ගන්න ලැබුණා එම ඉඩමට මායිමේ එක ගෙයක් තිබෙන බවත්, හොරගොල්ල වත්ත කියන ඉඩමේ මායිමේ ජනතාව පදිංචි නිවාස කිහිපයක් තිබෙනව බව. ඒ ඉඩම් අපි මිනුම් කටයුතු කිරීමේ දී පියවර ගෙන තිබෙනවා පවරා ගැනීමේ කාර්යෙන් බැහැර කරන්න. ඒ මිනිසුන්ගේ අයිතිවන නිවාස අපි කිසිසේත් පවරා ගන්නේ නැහැ.

මේ මොහොතේ පවතින්නේ බාහිර පාර්ශව විසින් හේතුවක් නැතිව  ජනතාව අතර අති කරන අනියත බිය. මොකද  ඕනෑම කෙනෙක් තමන්ගේ ඉඩම අහිමිවනවා කියන සංවේදී කාරණය ඔලූවට දැම්මහම ඔවුන් ඒ පිළිබඳව බොහෝ කලබල වෙනවා. අපි බොහොම පැහැදිලිව කියනවා මේ හඳුනා ගත්ත අක්කර 250 ඇතුලේ කිසිදු ගෙයක් අහිමි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කිසිම පුද්ගලයෙකුට.

ඊට අමතරව මේ අය කියනවා ජනතාව ගෙවල්වලින් එළියට ඇදලා දාලා මහල් නිවාසවලට දානවා කියලා.  අපේ කිසිම අදහසක් නැහැ ඒ පිළිබඳව. මොකද කිසිම කෙනෙකුට නිවාස අහිමි කරන්නේ නැත්නම් මහල් නිවාස වලට ගෙනයනවාය කියන කාරණය පැන නගින්නෙත් නැහැ. හැබැයි නිවාස ව්‍යාපෘති සිදු කෙරෙනවා. මොකද ඒ නිවාස ව්‍යාපෘති කෙරෙන්නේ විශේෂයෙන්ම මේ අලූතින් ඇතිවන විශ්ව විද්‍යාලවල ශිෂ්‍යයෝ එනවා. ඒ අයට පර්චස් 10 ඉඩම්වල ගෙවල් හදලා දෙන්න බැහැනේ. ඒ සඳහා ඔවුනට හොස්ටල් සෑදිය යුතුයි. ඒවා මහල් නිවාස ලෙස තමයි ඉදිවෙන්නේ. මේ විශ්ව විද්‍යාලවලට ආචාර්යවරු එනවා. ඒ වගේම අනාගතයේ මෙහි ඉදිවන සියලූ ආයතන වල සේවය සඳහා පැමිණෙන සේවකයින්ට ආසන්නයෙන් නිවාස පහසුකම් ලබාදිය යුතුයි. ඒ සඳහා නිවාස ව්‍යාපෘති ඉදිවනවා. එහෙම නැතිව අප ප‍්‍රදේශයේ පදිංචි ජනතාව අරගෙන ගිහිල්ලා ඒ අයව තට්ටු නිවාසවලට ගාල් කිරීමේ කිසිඳු සැලසුමක් අපේ නැහැ.

ඒ වගේම මේ අය කියනවා මේ භූමිය තුළ ඉදිවන කර්මාන්ත ශාලාවලින් පිටකෙරෙන අපද්‍රව්‍ය මගින් විශාල පරිසර හානි මෙම ප‍්‍රදේශයට සිදුවෙනවා කියලා. හැබැයි අපි විශේෂයෙන්ම අවධාරණය කොට කියනවා මේ භූමිය තුළ කර්මාන්ත ශාලා ඇති වෙන්නේ නැහැ. මේ තාක්ෂණ නගරය තුළ අපි හඳුනාගත්තු කි‍්‍රයාකාරකම් කිහිපයයි තිබෙන්නේ. පළවෙනි දේ තමයි විද්‍යා තාක්ෂණ, නවෝත්පාදන පර්යේෂණ සඳහා ඉදිකෙරෙන පර්යේෂණාගාර එමගින් සිදු කරන්නේ නව තාක්ෂණය පිළිබඳ පර්යේෂණ සිදු කිරීම. මෙරට දරුවන්ගේ මොළ කෙසේද ආයෝජනය කරන්නේ කියන කාරණයයි. මෙය තුළ පරිසරයට හානි කරන පරිසාරික විමෝචන සහිත කිසිම කර්මාන්ත ශාලාවක් ඉදිවන්නේ නැහැ. ඒ සඳහා කර්මාන්ත පුර වෙනම තිබෙනවා. පර්යේෂණාගාරවලට අමතරව තිබෙන්නේ විශ්ව විද්‍යාල අධ්‍යාපනික පහසුකම්. එමගින් ඉගෙන ගන්නේ අපේ රටේ දරුවෝ. දරුවන්ට නිදහස් අධ්‍යාපනය යටතේ තාක්ෂණික අධ්‍යාපනය ලබන්න එන ගම් රටවල්වල දුප්පත් දරුවන්ට මෙම අවස්ථාව සැලසී තිබෙන්නේ. අමාත්‍යාංශය වශයෙන් අපි ඉතාමත්ම කණගාටුවෙනවා මෙම ව්‍යාපෘතිය සඳහා පදනමකින් තොරව කරන මේ විරෝධය, ඒ වගේම පරිසර හානි පිළිබඳව.

ඒ වගේම මොවුන් කියනවා කෘෂි කාර්මාන්තයට, වාණිජ වගාවන්ට හානි සිදුවනවා යැයි කියා. නමුත් අප දන්නා තරමින් තාක්ෂණික නගරය සඳහා පවරා ගන්න ඉඩම්වල විශාල වාණිජ වගා නැහැ. සමහරවිට පුංචි පුංචි වගාවන් ඇති. නමුත් අප කියන්නේ නැහැ ඒ සියල්ලම බැහැර කරනවා කියලා. මොකද කිසිම් සංවර්ධන කටයුත්තක් කරද්දි කිසියම් කැප කිරීමක් කරන්න වෙයි. මොකද අක්කර භාගයක සමහරවිට තේවගාවන් නැතිවිය හැකියි. නමුත් අප බැලිය යුත්තේ අහිමිවන දේ නෙමෙයි රටට ලැබිය යුතු දේ. අපි මේ ඉඩම් බලෙන්, නොමිලේ ලබා ගන්නේ නැහැ.  අපේ අමාත්‍යාංශය යටතේ සිදු කෙරෙන මෙම ව්‍යාපෘතියේදී අපි ඉතාමත් වගකීමෙන් කියනවා ඒ ලබාගන්න සියළු ඉඩම් ඔවුනට එහි වාණිජ වටිනාකම අත්වන විදිහේ වන්දියක් ලබාදී ඉඩම් අත්පත් කර ගැනීම සිදු කරනවා මිස බලෙන්, ඔවුන් පලවා හැර නොමිලේ ඉඩම් ලබාගැනීමේ කිසිඳු සැලසුමක්, කිසිදු අදහසක් නැති බවද පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "අපේ රටේ තමයි, දියුණුව එපා, සංවර්ධනය එපා කියලා පෙළපාලි යන එකම රට" : මාධව වෛද්‍යරත්න.
"අපේ රටේ තමයි, දියුණුව එපා, සංවර්ධනය එපා කියලා පෙළපාලි යන එකම රට" : මාධව වෛද්‍යරත්න.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiEVZNTDaX4032t4WVVZbZFA8XRjy21HgrjnoKK36t3jhW7BrjwZqx2ApQmNfSz1wb4PTqgfW9U1to9ag63GBdYQQOJSyJcF9_rcSqVOx_-36O2s-xatVNJP2elJXRSLK30H7d4h7zPXMXJ/s1600/01+%25281%2529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiEVZNTDaX4032t4WVVZbZFA8XRjy21HgrjnoKK36t3jhW7BrjwZqx2ApQmNfSz1wb4PTqgfW9U1to9ag63GBdYQQOJSyJcF9_rcSqVOx_-36O2s-xatVNJP2elJXRSLK30H7d4h7zPXMXJ/s72-c/01+%25281%2529.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_168.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_168.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy