දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයාට එරෙහිව ඊයේ (14)...
දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයාට එරෙහිව ඊයේ (14) මුලතිව් දිස්ත්‍රික්කය පුරා පෝස්ටර් අලවා තිබුණි.
ඒ පෝස්ටර්වලින් ප්‍රකාශ කොට තිබුණේ සුමන්තිරන් මන්ත්‍රීවරයා දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් විනාශ කරණ පුද්ගලයෙකු බවට පත් වී ඇති බවයි.
දෙමළ ජාතික ස්න්ධානයේ සෙසු පිරිස උතූරේ වෙනම දේශපාලන ගමනක නිරත වෙමින් සිටියදී සුමන්තිරන් මන්ත්‍රීවරයා හදිසියේම වෙනස් මගක ගමන් කිරීමට උත්සහ දැරීම උතුරේ සාමාන්‍ය දෙමළ ජනතාව අනුමත නොකරණ බවද එම පෝස්ටර් වල සදහන්ව තිබුණි.
මන්ත්‍රීවරයා ඔහුගේ වැරදි නිවැරදි කරගන්නේ නම් උතුරේ ජනතාවගෙන් සුමන්තිරන් මන්ත්‍රීවරයාට හොද පාඩමක් ඉගෙන ගැනීමට හැකිවන බවද පෝස්ටර් වල සදහන් වෙයි.
(දිනසේන රතුගමගේ)
COMMENTS