කිළිනොච්චියේ ඩිපෝ හන්දියේ චන්ද්‍ර උද්‍යානය අසල පිහිටි නටබුන් පුරාවස්තු වලට අයත් නොවන බවට පුරාවිද්‍යා නිලධාරීන් තීරණය කොට තිබේ. මේ ස්ථානයේ...
කිළිනොච්චියේ ඩිපෝ හන්දියේ චන්ද්‍ර උද්‍යානය අසල පිහිටි නටබුන් පුරාවස්තු වලට අයත් නොවන බවට පුරාවිද්‍යා නිලධාරීන් තීරණය කොට තිබේ.
මේ ස්ථානයේ පිහිටි නටබුන් සහිත බැම්මක් කිළිනොච්චියේ කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් විසින් පසුගිය 16 වෙනිදා ඩෝසර් කරණ ලද්දේ දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තුමන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතාගේ ඉල්ලීමක් මතය.
මේ සම්බන්ධයෙන් විශාල විරෝධයක් එල්ල වීමෙන් පසුව පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් 20 දා කිළිනොච්චියට ගොස් ඩෝසර් කරණ ලද බැම්මේ ගඩොල් ඇතුළු කොටස් වෙන වෙනම පරීක්ෂාවට ලක් කොට තිබේ.එආනුව පුරාවිද්‍යා නිලධාරීන් නිගමනය කොට ඇත්තේ එම බැම්ම පුරාවස්තු වලට අයත් බැම්මක් නොව යුද ජයග්‍රහණයෙන් පසුව එය සැමරීම පිණිස ඉදිකරන්නට ගිය ස්මාරකයක කොටසක් බවයි.
එම බැම්ම ඉදිකිරීමට යොදා ගෙන ඇති ගඩොල් හා බදාම ලංකාවේ සාමාන්‍ය කටයුතු සදහා භාවිත කරණු ලබන ඒවා බවට පුරා විද්‍යා නිලධාරීන් තහවුරු කොට ඇත.
මේ බැම්ම ඩෝසර් කිරීමෙන් පසුව ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ''සිංහල යුද ඉතිහාසය ඉවරයි'' යනුවෙන් පවසන ලද්දේද මේ බැම්ම යුද ස්මාරකයක් වූ නිසා විය හැකි යැයි බොහෝ පිරිස් කියා සිටිති.
COMMENTS