දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලිස්පති ඉවත් කිරීමට පාර්ලිමේන්තු මෙහෙයුමක්.
Homeගොසිප්

පොලිස්පති ඉවත් කිරීමට පාර්ලිමේන්තු මෙහෙයුමක්.

PropellerAds

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එකී ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධ කාරණාව ඉකුත් දෙසැම්බර් 26 වැනි දින ඒකාබද්ධ විපක්ෂය තුළ සාකච්ඡාවට ලක් කළ බව...

බදු වාහනයෙනුත් කාපු මන්ත්‍රීවරු මෙන්න...
මහින්ද - ගෝඨා හිටිය 2013 පමණක් අපරාධ 55,000ක්!
ගිනි පොලී ණය 'උගුලට' හිරවුවන් බේරාගැනීමට මංගල සැරසෙයි.


පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එකී ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධ කාරණාව ඉකුත් දෙසැම්බර් 26 වැනි දින ඒකාබද්ධ විපක්ෂය තුළ සාකච්ඡාවට ලක් කළ බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ මාධ්‍ය හමුවකදී මහින්ද යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා ද ප්‍රකාශ කර තිබිණි.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ විවිධ හැසිරීම් හා එල්ල වී ඇති චෝදනා අනුව ඔහු තනතුරින් ඉවත් කළ යුතු බවද, ඔහු තනතුරේ තබාගෙන ඇතැම් පරීක්ෂණ සිදු කළ නොහැකි බවද පවසමින් විවිධ මත ඉදිරිපත්ව තිබේ. 

එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට එක්වූ විවිධ සංශෝධන නිසා පොලිස්පති පත් කරන ව්‍යාවස්ථාදායක සභාවට හෝ ජනාධිපතිවරයාට පොලිස්පති ඉවත් කළ නොහැක.

පොලිස්පතිවරයා ඉවත් කිරීම කළ හැක්කේ කෙසේද?

පොලිස්පතිවරයා තනතුරින් ඉවත් කළ හැක්කේ 2002 අංක 5 දරන රාජ්‍ය නිලධාරීන් ඉවත් කිරීමේ (විධිවිධාන) පනත තුළ අන්තර්ගත කරුණු සැලකිල්ලට ගෙන බව නීති විශාරදයෝ පෙන්වා දෙති.  

ඒ අනුව පළමුවෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් 1/3 ක පිරිසක් අත්සන් කර ලිපියක් මගින් පොලිස්පතිවරයා එම තනතුර දැරීමට සුදුසු නැති හෙයින් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසට කතානායකවරයා වෙත ඉලලීමක් කළ යුතුය.

ඉන් අනතුරුව කාතානායකවරයා විසින් පොලිස්පතිවරයා තනතුරින් ඉවත් කිරීම සම්බන්ධයෙන් කරන ලද පැමිණිල්ල විභාග කිරීම සඳහා කමිටුවක් පත් කරනු ලබන අතර අගවිනිසුරු විසින් නම් කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු, ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා මෙන්ම කාතානායකවරයා විසින් නම් කරන ලද නියෝජිතයින් තිදෙනා එම කමිටු සාමාජිකයෝ බවට පත් වෙති.

එම කමිටුව විසින් පැමිණිලි සහ සාක්ෂි විභාග කොට ඒ පිළිබඳ වාර්තාවක් කතානායකවරයාට ඉදිරිපත් කළ යුතුය. 

ඉන් අනතරුව කතානායකවරයා වරයා විසින් පොලිස්පතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් කමිටු වාර්තාවේ නිර්දේශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113 දෙනෙකු විසින් (සරල බහුතරයෙන්) එකඟතාව පළකිරීමෙන් පසු පොලිස්පතිවරයා එම තනතුරින් ඉවත් කළ හැකි වන බව නීති විශාරදයෝ කිහිප දෙනෙකු පැවසූහ.

(මුලාශ්‍රය -රාවය)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලිස්පති ඉවත් කිරීමට පාර්ලිමේන්තු මෙහෙයුමක්.
පොලිස්පති ඉවත් කිරීමට පාර්ලිමේන්තු මෙහෙයුමක්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAC9r924fZk243m4cBQuwKm8zigI9PO95xeFAwDKBxb8nqjgHG4eR_NsTDWeP0tSyZy4baFR6lNPrWkRtuYSqXsh5fMC-92NmEsB3eUt_9hBQKINIt05SXLzX5M6GE7mQSEfiPWswdaPRE/s1600/649036224-1024x1024.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhAC9r924fZk243m4cBQuwKm8zigI9PO95xeFAwDKBxb8nqjgHG4eR_NsTDWeP0tSyZy4baFR6lNPrWkRtuYSqXsh5fMC-92NmEsB3eUt_9hBQKINIt05SXLzX5M6GE7mQSEfiPWswdaPRE/s72-c/649036224-1024x1024.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_132.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_132.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy