මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා තානාපති රැකවරණය යටතේ සිංගප්පූරුවේ සිටි...
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා තානාපති රැකවරණය යටතේ සිංගප්පූරුවේ සිටින බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දාසයේ කණ්ඩායම මේ බව පැවසීය.
අද (06) කොළඹ පැවති පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දාසයේ කණ්ඩායම නියෝජනය කරන එස්.බී දිසානායක මහතා මේ බව පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය විසින් ඊයේ (05) දිනයේ සංවිධානය කළ උද්ඝෝෂණය සාර්ථක වූ බව ආණ්ඩුවෙන් ඉවත් වූ දාසයේ කණ්ඩායම පවසයි.
ජන බලය කොළඹට විරෝධතාවට සම්බන්ධ වූ පිරිසට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට අමාත්‍යවරුන් කිහිපදෙනෙකුට වුවමනාවක් තිබූ බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා තානාපති රැකවරණය යටතේ සිංගප්පූරුවේ සිටින බවත් තානාපතිවරයාගේ කාලය අවසන් වුවද ඔහුගේ කාලය දීර්ඝ කරමින් ඔහුට ආරක්ෂාව සපයන බව එස්.බී දිසානායක මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පක්ෂය නිසා ජනාධිපතිවරයාට නීතියේ අධිපත්‍ය රැක ගැනීමට නොහැකි වී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
COMMENTS