දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"සාරවත් දේශයක වාපි සංග්‍රාමය" වැව් දහසක් ප්‍රතිසංස්කරණ කඩිනම් වැඩසටහන අද
Homeප්‍රවෘත්ති

"සාරවත් දේශයක වාපි සංග්‍රාමය" වැව් දහසක් ප්‍රතිසංස්කරණ කඩිනම් වැඩසටහන අද

PropellerAds

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ක‍්‍රියාත්මක වන එල්ලංගා වාරි ප‍්‍රතිසංස්කරණ දීප ව්‍යාප්ත ක‍්‍රියාන්විතය යටතේ අනුරාධපුර දි...

මද්‍යසාර බවට පත්කරන අමුද්‍රව්‍ය මෙන්න.
විභාග දෙපාර්තමේන්තුවේ සත්‍ය තත්වය වහා හෙළිදරව් කළ යුතුය!
උපාධිධාරීන් රජයේ රැකියා ඉල්ලා යාපනයේ විරෝධතාවක් !

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ක‍්‍රියාත්මක වන එල්ලංගා වාරි ප‍්‍රතිසංස්කරණ දීප ව්‍යාප්ත ක‍්‍රියාන්විතය යටතේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ වැව් ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාදාමය අද (21) ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මහවිලච්චිය නබඩගස්දිගිලිය වැව අසලින් ආරම්භ කෙරේ.

එහි පළමු අදියර ලෙස මහවිලච්චිය සහ නොච්චියාගම යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි වැව් 17 ක් ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා තෝරාගෙන තිබේ. ප‍්‍රතිසංස්කරණය කරනු ලබන එක් එක් වැව් ආශ‍්‍රිතව එම ප‍්‍රදේශයන්හි ජීවත් වන ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා සමගාමී ක‍්‍රියාකාරකම් රැසක් ද මේ සමග ආරම්භ වනු ඇති අතර ඒ යටතේ කෘෂිකාර්මික කටයුතු, ධීවර කටයුතු, සංචාරක කර්මාන්තය, අගය එකතු කළ නිෂ්පාදන ප‍්‍රවර්ධනය හා සමාජ සංවර්ධන කටයුතු වලට අදාළ උප ව්‍යාපෘති රැසක් ද ක‍්‍රියාවට නැංවෙනු ඇත.

වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ සිදුකරන මෙම ක‍්‍රියාවලිය ශ‍්‍රී ලංකාවේ පළාත් ගණනාවකම දියත් කරමින් පවතින අතර එහිදි සිදුකෙරෙන වැව් ප‍්‍රතිසංස්කරණ කටයුතු සියල්ලම සිදුකරනු ලබන්නේ ශ‍්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු බළකාය විසිනි.

මෙම වැඩසටහන යටතේ මහවිලච්චිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නබඩගස්දිගිලිය හැළඹ වැව, මහ මිල්ලගොල්ලෑව, ඉහළ මිල්ලගොල්ලෑව, ඉහළ හැළඹ ගලහිටියාව, දුනුමඩලාව, හා ඉහළ ඇතා වැව යන වැව් ද නොච්චියාගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහළ ගල්කිරියාගම, දිවුල්වැව, පහළ ගල්කිරියාගම, සියඹලාකෙටිය, ඉහළ කෝංගස්දිගිලිය, ලේන වැව, නයි වැව හා ඇළපත්ගම වැව් ද ප‍්‍රතිසංස්කරණය කෙරෙනු ඇත.

පෙර රජ දවස පටන් පැවත එන විශිෂ්ට වාරි ඉංජිනේරු සංකල්පයක් ලෙස සැලකෙන එල්ලංගා පද්ධති පිළිසකර කිරීම තුළින් ග‍්‍රාමීය වැව් තුළ වැඩි ජල ප‍්‍රමාණයක් රඳවා තැබීම සඳහා මෙම වැව් ප‍්‍රතිසංස්කරණ වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ. මේ තුළින් දැනට රජරට පළාතේ උද්ගත වී ඇති දැඩි පානීය හා වාරි මාර්ග ජල පහසුකම් හිඟයට තිරසාර පිළියම් යෙදීමට හැකිවෙතැයි අපේක්ෂා කෙරේ.

පරිසර සමතුලිතතාවය ආරක්ෂාවීම, භූගත ජල මට්ටම ඉහළයාම, කෘෂිකාර්මික අංශයේ නිෂ්පාදනය වර්ධනයවීම, මිරිදිය ධීවර කර්මාන්තය වර්ධනවීම, ග‍්‍රාමීය මට්ටමින් සංචාරක කර්මාන්තය ආශ‍්‍රිත ජීවනෝපාය මාර්ග ඇතිවීම මෙහි අපේක්ෂිත අරමුණු වේ.

ප‍්‍රජාවගේ සහ වන සතුන්ගේ ජල හා ආහාර අවශ්‍යතා සම්පූර්ණවීම, අදාළ ප‍්‍රදේශයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළයාම හා දිළිඳුකම පිටුදැකීම, ප‍්‍රජාව හා වනසතුන් අතර ගැටුම් අවමවීම, දළ ජාතික නිෂ්පාදනය ඉහළයාම හා රට තුළ සිදුකරන සියලු වාරි ප‍්‍රතිසංස්කරණ කටයුතු නිශ්චිත සංවර්ධන ඉලක්කයකට යොමුවීම සෙසු ප‍්‍රතිලාභයන් ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "සාරවත් දේශයක වාපි සංග්‍රාමය" වැව් දහසක් ප්‍රතිසංස්කරණ කඩිනම් වැඩසටහන අද
"සාරවත් දේශයක වාපි සංග්‍රාමය" වැව් දහසක් ප්‍රතිසංස්කරණ කඩිනම් වැඩසටහන අද
http://am.lk/media/k2/items/cache/8befcb7e84991bd8b97a52bcd71ab6c0_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_117.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/09/blog-post_117.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy