ජාතික පොලිස් කොමිෂන් සභාව හා පොලිස්පතිවරයා අතර මතුව ඇති ගැටළු දින 14ක් ඇතුළත නිරාකරණය කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දැනුවත් කරන ලෙස අද ර...
ජාතික පොලිස් කොමිෂන් සභාව හා පොලිස්පතිවරයා අතර මතුව ඇති ගැටළු දින 14ක් ඇතුළත නිරාකරණය කරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව දැනුවත් කරන ලෙස අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පොලිස් කොමිසමටත් පොලිස්පතිවරයාටත් දැනුම් දුන්නේය.
කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(07) පස්වරුවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්විය.
පොලිස් කොමිෂන් සභාව ලබා දෙන නියෝග පොලිස්පතිවරයා ක්‍රියාත්මක නොකිරීම නිසා මතුව ඇති ගැටළුව ගැන සාකච්ඡා කිරීම සඳහා දෙපාර්ශ්වයම අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවට කැඳවා තිබිණි.
එම ගැටළු ගැන පුළුල් ලෙස අවධානය යොමු කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව එම ගැටලු දින 14ක් තුල සම්පූර්ණයෙන්ම නිරාකරණය කර ගන්නා ලෙස දෙපාර්ශ්වයට දැනුම් දී තිබේ.
පොලිස් කොමිෂන් සභාවෙන් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් කැරුණු පාලිත සිරිවර්ධන මහතාට අදාල උසස්වීම ලබා නොදීම, දේශපාලන පලිගැනීමට ලක්වූ පොලිස් නිලධාරීන්ට අදාළ සහන ලබා නොදීම, යුද්ධයෙන් පීඩාවට පත්වූ පොලිස් නිලධාරීන්ට උසස්වීම් ලබා නොදීම, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි විභාග නොකිරීම ඇතුළු කාරණා කිහිපයක් පොලිස්පතිවරයා ඉටු නොකළ බව කියමින් ජාතික පොලිස් කොමිෂන් සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හමුවේ කරුණු දක්වා තිබිණි.
COMMENTS