ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කැර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරය මඟින් රාජ්‍ය විරෝධී සිදු වීමක් සිදු වුවහොත් එහි සංවිධායකයන් වන වග උත්තරකාර මන්ත්‍රිවරු ...
ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කැර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරය මඟින් රාජ්‍ය විරෝධී සිදු වීමක් සිදු වුවහොත් එහි සංවිධායකයන් වන වග උත්තරකාර මන්ත්‍රිවරු 11 දෙනෙක් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා පෙරේදා (3) පොලිසියට නියෝග කෙළේය.
කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් වග උත්තරකරුවන් 11 දෙනකු ලෙස නම් කැර තිබු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන නාමල් රාජපක්ෂ, දිලුම් අමුණුගම, රෝහිත අබේගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, දිනේෂ් ගුණවර්ධන, විමල් විරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, ඩ්ව් ගුණසේකර, අසංක නවරත්න යන අය රාජ්‍ය විරෝධී ක්‍රියාවක් සිදු කළහොත් වහා අත්අඩංගුවට ගැනීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කෙළේය.
මීට අමතරව මෙම උද්ඝෝෂණයට සහභාගි වී අනුගාමිකයන් වන සමාජිකයන් ද රාජ්‍ය විරෝධී ක්‍රියාවන්ට ආධාර අනුබල දිමේ චෝදනාවට අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියම කෙළේය.
කුරුදුවත්ත පොලිසිය අධිකරණයට වාර්තා ඉදිරිපත් කැර තිබු අතර එම වාර්තා සත්‍ය නම් දණ්ඩ නීති සංග්‍රහයේ 114, 115 රාජ්‍ය විරෝධි ක්‍රියා සම්බන්ධව උද්ඝෝෂකකරුවන් අත්අඩංගුවට ගත හැකි බවට මහෙස්ත්‍රාත්වරයා පොලිසියට කරුණු පහදා දෙමින් නියෝග නිකුත් කෙළේය. රට බෙදිම,රණවිරු දඩයම,බැදුම්කර මගඩිය,බදු බර,සිංගප්පුරු ගිවිසුම,මැතිවරණ කල් තැබිම ආදි කරුණු මුල් කරමින් ඒකාබද්ධ විපක්ෂය අද (5) දින උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදු කිරීමට නියමිත බවට කුරුදුවත්ත පොලිසිය අධිකරණය වෙත කරුණු වාර්තා කෙළේය. බුද්ධි අංශ තොරතුරු සත්‍ය නම් දණ්ඩ නිති සංග්‍රයේ 114,115 යටතේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම ආණ්ඩුවට විරුද්ධව කැරළි ගැසිමේ චෝදනාවට වග උත්තරකරුවන් 11දෙනා අත්අඩංගුවට ගැනීමට පොලිසියට නෛතික බලය තිබිය දී මහජන පිඩා යටතේ අධිකරණයට නියෝග ලබා දීමට නොහැකි බව පවසමින් පොලිසියේ ඉල්ලිම ප්‍රතික්ෂ්‍රේප කරනු ලැබිණ.
මෙහිදි වැලිකඩ පොලිසිය අදාළ රැලිය සාමකාමිව පවත්වන ලෙසට අධිකරණ නියෝග ලබා දෙන ලෙසට කරනු ලැබු ඉල්ලිම සළකා බැලු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නේරංජනා ද සිල්වා මහත්මිය ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ පොදු දේපොළ හානි හෝ මහජන පිඩාවක් සිදු වුහහොත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් බලතළ ඇති බැවින් ඒ ආකාරයට ක්‍රියා කරන ලෙසයි.
ජනතාවට අවහිර නොකර ආණ්ඩුව දුන් නිදහස බුක්ති විඳින්න
යහපාලන ආණ්ඩුව ලබාදී ඇති නිදහස හේතුවෙන් ඕනෑම අයකුට නිදහසේ උද්ඝෝෂණය කිරීමේ හැකියාව වර්තමානයේ දී තිබෙන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (4) ප්‍රකාශ කෙළේය.
එවැනි උද්ඝෝෂණ මර්දනය කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් ආණ්ඩුවට නොමැති බවත් උද්ඝෝෂණ, වර්ජන ආදිය සිදු කළ යුත්තේ මහජනතාවට අවහිරයක් නොවන අයුරින් බවත් අගමැතිවරයා අවධාරණය කෙළේය. ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණය වාර්තා කරන ලෙස ඇතැම් මාධ්‍ය ආයතනවලට පවා මේ වනවිටත් තර්ජන එල්ල කර ඇති බවත් පසුගිය කාලයේදී එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර් වැනි මාධ්‍යවේදීන්ට සිදු වූ ඉරණම වර්තමානයේදී අත්නොවන බවද අගමැතිවරයා අවධාරණය කෙළේය.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කෙළේ ඒකාබද්ධ විපක්ෂය අද දිනයේදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය මර්දනය කිරීම සඳහා ආණ්ඩුව උසාවි නියෝග ලබාගෙන ඇතිබවට ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිස සිදු කළ චෝදනා වලට පිළිතුරු දෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
හෙට නිවාඩු දිනයක් නොවෙයි. නොයකුත් කණ්ඩායම් අගනුවරට එනවා. පාසල් ළමූන්, රජයේ නිලධාරින් එනවා. ඒ සියළු දෙනාටම රාජ්‍ය හා පෞද්ගලික බස්රථ ගමනාගමනය අපි ආරක්ෂා කරනවා.
ජනතාවට හිරිහැර කරන්න ඔබතුමාලට වුවමනා නැහැනේ. අපි කියන්නේ අඩපණ වෙන්න දෙන්න ඉඩ දෙන්න එපා කියලයි. දැන් මෙතන කියන්නේ සේවා අඩ පණ කරන්න කියලා. එහෙම කියන්නේ ඇයි කියා මා දන්නේ නැහැ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තු බලතළ සේවා යටතේ පාර්ලිමේන්තුවට පැමිණෙන හෝ පාර්ලිමේන්තුවෙන් පිටව යන මන්ත්‍රීවරයකුට පාර්ලිමේන්තුව තුළදී හෝ පහරදීම, නින්දා කිරීම හෝ හිතාමතා බාධා කිරීමක් ඇති වුණොත් පොලිසියට අපෙන් අහන්න වැඩක් නැහැ ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න. පොලිසියට වරප්‍රසාද නීතිය යටතේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරු කිහිප දෙනක් මට කිව්වා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමයි ඔබතුමයි ඉන්න ආණ්ඩුවේ නිදහස නිසා අපට කොළඹට උද්ඝෝෂණයක් කරන්න එන්න පුළුවන් කියා. නැතිනම් ඒක කරන්න බැහැ කියා ඔවුන් දන්නවා. මම නම් ගම් කියන්න යන්නේ නැහැ. මේ අය පෞද්ගලික මාධ්‍ය ආයතනවලට ගිහින් කියා තිබෙනවා මේක පෙන්වන්න කියා. එහෙම කෙළේ නැතිනම් මාධ්‍ය ආයතනත් වටලනවා කියා. තර්ජනය කරලත් තිබෙනවා. එක් නාලිකාවකට කිව්වලු ගෝඨාභය විතරක් නොවෙයි අපිත් පෙන්න ඕන කියා. නගරයට එන්න එපා කියා කවුරුත් කියා නැහැ. තැබෑරුම් කාරයින්ට හෙට බිස්නස් තිබෙනවා. අද මාධ්‍යවල පළවන දේ බලන්න. එක්නැලිගොඩලට වෙච්ච දේ අද වෙන්නේ නැහැ. ලසන්තට වුණා වගේ වෙඩි තියන්නේ නැහැ. කීත් නොයර්ට වෙච්ච දේ අද වෙන්නේ නැහැ. උපාලි තෙන්නකෝන්ට වෙච්චදේ අද වෙන්නේ නැහැ. අද සම්පූර්ණ නිදහස තිබෙනවා. අද කවුරුත් බනින්නේ මටයි. ඒත් සම්පුර්ණ නිදහස තිබෙනවා. අපි මේවා නවත්වන්න යන්නේ නැහැ. ඔබලටත් පුළුවන් උසාවියට ගිහින් මූලික අයිතිවාසිකම් නඩු දාන්න. අද අපි ලබාදී තිබෙන්නේ නිදහස නිසා හෙට ඔබට උද්ඝෝෂණයේ යෙදෙන්න පුළුවන්. නැතිනම් මේක වෙන්නේ නැහැනේ. ඇයි ඔච්චර බය. දැන් හේතු හොයාගෙන ඉන්නවද සෙනඟ ආවේ නැති වුණාම මට බනින්න. නැතිනම් ආණ්ඩුවට බනින්න. මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් ජනතාවට අවහිරයක් නොවන අයුරින් කරන්න කියා තමයි අපි කියා තිබෙන්නේ. මම දන්නවා මේ අයගේ උත්සාහය මොකක්ද කියලා . හෙට උද්ඝෝෂණයට සෙනඟ ආවේ නැති වුණාම ඒකටත් අපට බනින්නයි මේ උත්සාහ කරන්නේ.
COMMENTS