යාපනයේ නල්ලූර් කෝවිල පිටුපස ප්‍රදේශයේදී තිලීපන්ගේ සොහොන ප්‍රතිසංස්කරණය කොට ඔහු පිළිබද ඉතිහාසය සියළු භාෂා වලින් ලියා මහජන ප්‍රදර්ශනයට පත් ක...
යාපනයේ නල්ලූර් කෝවිල පිටුපස ප්‍රදේශයේදී තිලීපන්ගේ සොහොන ප්‍රතිසංස්කරණය කොට ඔහු පිළිබද ඉතිහාසය සියළු භාෂා වලින් ලියා මහජන ප්‍රදර්ශනයට පත් කොට තිබේ.
ඉන්දීය සාම සාධක හමුදාව උතුරු නැගෙනහිර පළාත් වලින් ඉවත්ව යන ලෙසට හා තවත් ඉල්ලීම් 12 ක් මුල් කරගෙන තිලීපන් නොහොත් රාසයියා පාර්තීපන් 1987 සැප්තැම්බර් මස 15 දා මාරාන්තික උපවාසයක් දියත් කොට 26 දා මිය ගියේය.
මේ වසරේද සැප්තැම්බර් මස 26 වෙනිදා තිලීපන් සිහිකිරීම සදහා උතුරු නැගෙනහිර ප්‍රදේශ වල සමරු උත්සව සංවිධානය කොට තිබේ.
(දිනසේන රතුගමගේ)
COMMENTS