එක්සත් ජාතික පක්ෂය ඇල්පිටිය ප්‍රාදේශීය මහා මැතිවරණයේදී ලබාගත් දරුණු පරාජය හේතුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තුළ උග‍්‍ර මතබේදයක් ඇතව ත...
පක්ෂයේ වැඩි පිරිසක් මන්ත්‍රීවරුන් මේ වන විට පක්ෂ පෙන්වා දී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය දීම සම්බන්ධයෙන් ගැඹුරින් සළකා බැලිය යුතුව ඇති බවයි.
ඔහු ඉන් පරාජය වීමට වැඩි ඉඩක් ඇති බවත් පාරය වන පාර්ශවයකට සහාය දැක්වීම තම දේශපාලන ව්‍යාපාරයට ඉතා අහිතකර බවත් මුස්ලිම් ජනතාව තමන්ගෙන් ඈත් විය හැකි බවත් ඔවුන්ගේ මතයයි.
ගෝටාභය රාජපක්ෂ මහතා සමග නව මුස්ලිම් නායකත්වයක් ඇති වීමේ ප්‍රවණතාවක් ඇතිවී ඇති නිසා ඊට පෙර තමන් තම පක්ෂය දේශපාලන තීන්දුවක් ගත යුතු බවද එම පිරිසේ අදහස වී ඇත.
ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට අකමැති නම් ජනාධිපතිවරණයේදී කිසිවෙකුට සහය නොදී ඉන් පසුව තීන්දුවක් ගත යුතු බවත් ඔවුන් පෙන්වා දී ඇත.
ඒ අනුව මේ සතියේදී එම පක්‍ෂ නායකයන් එජාප නායකත්වය හා සජිත් පේ‍්‍රමදාස මහතා මුණ ගැසී මේ සම්බන්ධත්‍යන් අවසන් තීන්දුවක් ගැනීමට නියමිතය.
COMMENTS