ETI ආයතනයේ ප්‍රධානින් විදෙස්ගතවීමේ සූදානමක් පවතින බව එම ආයතනයේ තැන්පත්කරුවන් පවසයි. ඊයේ (29) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව...
ETI ආයතනයේ ප්‍රධානින් විදෙස්ගතවීමේ සූදානමක් පවතින බව එම ආයතනයේ තැන්පත්කරුවන් පවසයි.
ඊයේ (29) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔවුන් මේ බව සඳහන් කළේය.
විරෝධතාකරුවන් පැවසුවේ තැන්පත්කරුවන්ගේ මුදල් ගෙවනතුරු අදාල පුද්ගලයින්ට විදෙස්ගතවිම තහනම් කළ යුතු බවත් කිසි වෙටකත් ඔවුන්ට විදෙස් ගත වීම සඳහා ඉඩ නොතබන බවත්ය.
ඊ.ටී.අයි තැන්පත්කරියක වන අනුෂා ජයන්ති මහත්මිය මෙසේ අදහස් දැක්විය.
“ආරංචියක් තියෙනවා මේ අයගේ අමානුෂීය තත්ත්වය සලකලා දරුවන් බලන්න යන්නට පාස්පෝට් ඉල්ලන්නට මෙයාලා කටයුතු කරමින් පවතිනවයි කියලා ඇපිල් එකක් මාර්ගයෙන්. තමන්ගේ දරුවෝ ඇහැටවත් දකින් නැතුව අවුරුදු පහක් හයක් දුක් මහන්සිවෙලා හම්බකරපු සල්ලි තාම මේ ඊ.ටී.අයි ආයතනයේ සමහර තැන්පත්කරුවන් තැන්පත් කරලා තියෙන්නේ. එතකොට ඒ අයගේ මානසිකත්වය ගැන කවුද සලකන්නේ? මේ තැන්පත්කරුවන්ගේ මුදල් ආපසු ගෙවන තාක් කල් මේ හතර දෙනාට විදේශගත වීම සම්පූර්ණයෙන්ම නතර කළ යුතුයි.”
එම වීඩියෝව පහතින්,
COMMENTS