මිතුනිකා ප්‍රනාන්දු පිළිබඳව එක්තරා පුද්ගලයෙක් එක්කර තිබූ චෝදනාවකට ඇය පිළිතුරු දී තිබුණේ මෙසේයි. "මේ වගේ පොස්ට් දාන්න පෙර හොදින් සිත...
මිතුනිකා ප්‍රනාන්දු පිළිබඳව එක්තරා පුද්ගලයෙක් එක්කර තිබූ චෝදනාවකට ඇය පිළිතුරු දී තිබුණේ මෙසේයි.
"මේ වගේ පොස්ට් දාන්න පෙර හොදින් සිතන්න,,
මම නිසා අපහසු තාවෙකට ඇය පත් විම ගැන මටත් කනගාටුයි. නමුත් මෙවැනි බොරු දෙවල් දාන්න කලින් ඇත්ත මොකක්ද කියලා හොයලා බලලා දාන්න, ඊයේ දිනයේ මම ගොඩක් අසනිප තත්වයෙන් හිටියේ,, එත් මට වගකිමක් තිබ්බා මන් බාර ගත්ත වැඩක් නිසා එය ඉටු කරන්න,, මට බැරී කමක් තිබුනද මට මගේ වෘත්තීය පැහැර හැරිය නොහැකි වුනා,, නමුත් මෙම පොස්ට් එකේ මා ගැන බොරු දේවල් ගොඩක් පල කර තිබෙනවා,, මට ඊයේ හොදටම අසනීප වෙලා හිටියයේ. පස්සේ මම එම රූපලාවණ්‍ය ශිල්පිණියට එය උදෙන්ම දැනුම් දුන්නේය,,නමුත් ඇය මට බැන පැවසුවේ තමුසේ මොනවද කරන්නේ අද මගේ හොද දවසක් තමුසේ නැති කරන්නද හදනනේ කියලයි,, පසුව මම ඇයට පැවසුවා ඔයා බය වෙන්න එපා මන් කොහොම හරි එන්නම් කියලා,,මම ඇයට මාව ඇන්දීමට වත් කිසිම බාධා වක් කරේ නැ,, පසුව මම විනිශ්චය මණ්ඩලයේ ද පේනි සිටියා,,මැයට පින්තුර වලටද මම පෙනි සිටියා,, පසුව මෙම රූපලාවණ්‍ය ශිල්පිණිය මා ගැන නිකමටවත් බැලුවේ නැත,, මම ඇයට කිප වතාවක්ම පවසුවා මට ටිකක් අමරුයි අඩුගනෙ මට පැනඩොල් එකක් වත් ගෙනල්ලා දෙන්න කියලා ..එත් ඇය එ කිසිවක් ගනන් ගත්තේද නැත,,, පසුව මගේ එතන සිටි යාලුවො වන අනිත් නිරූපිකාවන් තමයි මා ගැන සොයා බලා ඔව්න්ට කියා අඩුගනෙ මෙයට බෙහෙතක් වත් මෙතනට ගෙනත් ඔයලා දෙන්න කියලා කිව්වෙත්,, අඩුම ගනේ මට උදේට කෑම මුකුත් ගෙනත් දුන්නේද නැත,, හැම වෙලේම ඇය පැවසුවේ නංගී ඔයා ඇයී මෙහෙම කරන්නේ කියලා ,,, පසුව විනිසුරුවන්ම ඇයට පවසුවා අපි දැන් විනිශ්චය දීලා අවසන් එම නිසා මොඩෙල්ව තියාගන්න එක තෙරුමක් නැ,, ඇයව යවන්න පුලුවන් කියලා,, මොඩෙල් හිටියත් නැතත් දැන් අපි 1,2,3 තොරලා ඉවරයි ,, එක නිසා ඔයා බය වෙන්න එපා අපිට රූපලාවණ්‍ය ශිල්පිණිය හිටියොත් අති කියලා ,, ඉන් පසුවයි මම එම ස්ථානයේන් අවේ,, එතකන් මම බොහොම ඉවසිමෙන් එතන සිටියාය, මම ඇයගෙන් කිසිසේත්ම මුදල් ලබා ගත්තේද නැත,, මම ඇයගෙන් තිස්දාහක් වැනි මුදලක් ඉල්ලුව නමුද මට වඩෙ ස්ථිර කරන්න කියා මම අත්තිකාරම් මුදලක් ගත්තෙත් පන්දාහාක් වැනි මුදලක් පමනි,,,හරිම කනගාටුයි මෙවැනි මිනිසුන් ගැන ,,, තමන්ගේ වැඩේ වෙනවනම් එච්චරයි අනිත් මනුස්සයාට මොනවා උනත් ගනක් නැ,,,අයේ මේ වගේ ආත්මාර්ථකාමී වැඩ කරන්න එපා කිසිම මනුස්සයෙක්ට,,, මොකද අපි හැමදේම කරන්නේ කන්න බොන්න ජිවත් වෙන්න,, හැමදාම හැමදේම තියෙනනෑ අපි හැමොම දවසක මැරෙන මිනිසුන් කියලා හොදට සිතන්න ,, මනුස්සකම කියන දේ පොඩ්ඩක් හිතට ගන්න ,, මා එ වෙලාවෙ සිටි අපහසු තාවය දන්නේ මා පමනයි"
චෝදනාව
"මිතුනිකා ඔයා අද හරීම ලස්සන වැඩක් කලේ....😓 ඔයා නිසා අද පරිපූර්ණ වූ ඉගෙනිමක් අවසන් කර තත්ත්ව සහතිකය ලබා ගැනීමට හා හැකියා දක්ෂතාවය පෙන්වා දිනයේ විශිෂ්ටතාව වැඩිකර ගැනීමට ගිය අපගේ රූපලාවන්‍ය ශිල්පිනියකගේ අහිංසක හීනයක්,ජිවිතේ තීරනාත්මක කඩඉමක් විනාසම වෙලා ගියා.ඔයා විනාශ කලා..බාර ගත්තානම් වැඩක් තමන්ගේ තත්ත්වය තියන් වැදගත් විදිහට ඒවැඩේ නිම කරන්න.මිනිස්සු අමාරූවේ දාන්න එපා.. ඉගෙනිමක වටිනාකම නොදත්, මිතුනිකා ඔබ වැනි අය නිසා මැයට අහිමි වූ මෙම දිනය නැවත කිසි දිනක ලගා නොවනු ඇත.
අද දින (2018/08/07) ප්‍රසිද්ධ ඉහළම තත්ත්වයේ රූපලාවන්‍ය ශිල්පීන් පුහුණු කිරීමේ ආයතනක සම්මාන හා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ ඉතා උත්කර්ෂවත් අන්දමින් BMICH හීදි පැවැත් උනා.එහිදී ශාඛා 7ක ශිල්පීන් 750ක් අතුරින් මානාලියන් සැරසීමේ අවසන් ශිපීන් 29අතුරට තේරී පත්වුන ශිල්පිනියක් ඇයගේ අවසන් දින මානාලිය ලෙස සැරසීමිට Mithunika Fernando තෝරා ගත්තා.මිතුනිකා ඇගේ කැමැත්ත ප්‍රකාශ කර ඇගේ අත්තිකාරම් මුදල් පවා ලබා ගත් අතර, අපගේ යෙහෙළිය ඇය වෙනුවෙන්ම සියලුම ඇදුම් ආභරණ මල් සියල්ල ඉහළ මුදලක් වැය කරමින් අලංකාරවත් ලෙස සකසා ගත්තේ ජයග්‍රහණයක් කරා යෑමේ අහිංසක උත්සහයක යෙදෙමින්.
අද දින උත්සවය පැවැතුනු අතර තරගය ආරම්භ කරන අවස්ථාව වන විටත් මිතුනිකා නියමිත වෙලවට BMICH වෙත පැමිණියෙද නැත.මානාලිය සැරසිමිට නියමිත වූ පැය දෙකක කාලයෙන් බොහෝ වෙලාවක් ගිය පසු ඇය පැමිණි අතර අපගේ ශිල්පිනියට ආයතන ප්‍රධානීන්ගේ දෝෂ දර්ශනයට පවා ලක්වීමට සිදු වුනා.මානාලිය සැරසීමට ඇයට විවිධ වූ බාධා මිතුනිකාගෙන් පැමිණියේ ඇගේ දුරකථනය හා විවිධ ක්‍රියාකලාපයන් නිසායි.දැඩි ඉවසිමක් ඇති අපගේ සොයුරිය ඇගේ දක්ෂතාවය මත අවම කාලයක් තුල මානාලිය සරසා නිම කලා.
තරග කරුවන් 29ක් අතුරින් අවසන් 10දෙනා අතරට පැමිනීමට හැකි වූ අතර අවසන් ජයග්‍රාහකයා තේරිමට නියමිත වූයේ උත්සවය අවසානයේ මානාලියන් දැක්මෙන් පසුවයි.නමුදු අවසන් දසදෙනා තේරි , ප්‍රතිඵල කීමටත් ප්‍රථම මිතුනිකා සියල්ල අතරමග දමා ගෙදර යාමට තැත් කර ඇත. ඈ මුදලට බාර ගත් රාජකාරීය නිම නොකර අපගේ ශිල්පිනිය දැඩි ලෙස අපහසුතාවයට පත් කරමින් විනිශ්චය මණ්ඩලයේද කීම නොතකා ඈ ඇගෙ පෙම්වතා සමග පිටව ගොස් ඇත්තේ අපගේ සොයුරිගේ සියලූම බලාපොරොත්තු කඩකර දමමින්.බොහෝ දෙනා තේරුම්කර දී අවසන් විනිශ්චයය දක්වා මිතුනිකාව නවතා ගැනීමට උත්සහ කලද එයද ව්‍යර්ථ වූයේ මිතුනිකා තමාගේ රාජ කාරියට ගරු නොකරන, වගකීම් පැහැර හරින,තාමා නිසා මිනිසුන් කරදරයේ වැටුනට ඒගැන තැකීමක් නැති ආත්මාර්ථකාමී ගැහැනියක වූ නිසාවෙනී.
සියලූම තරගකාරිනියන්ගේ මනාලිය,ජයග්‍රහණය ප්‍රකාශයට පත්කරන තුරුම එම ස්ථානයේ රැදීම අනිවාර්ය වු අතර මනාලියන්..මානලියන් දැක්මටද සහභාගි වීමද අනිවාර්ය වීම හේතුවෙන් අපගේ සොහොයුරියගේ සියලූම බලාපොරොත්තු කඩ විය.මිතුනිකා අද දින,දිනය පුරාවට අප සමග රැදිමට පොරොන්දුව ඇතුව ඇගේ අත්තුකාරම් මුදල් ලබාගත් අතර අද ඇය විසින් ඇගේ රාජකාරීය ඉතා අශෝභන ලෙස පැහැර හැරියාය. ඡායාරූප ලබා ගැනීමට හා වීඩියෝ කිරීමටද නියමිත වුවත් මිතුනිකාගේ මෙම ක්‍රියාකලාපය හමුවේ සුන් විය.
ඇගේ මෙම ක්‍රියාව හේතුවෙන් අපගේ ශිල්පිනියට ,ඇගේ සියලූම සහතික පත්‍ර හා කුසලාන අවලංගු කිරීමට ලක් වුනා.අවුරුද්දක් මහන්සියෙන් ඉගන ගත් දෙයින් ඇයට හිමිවිය යුතු තත්ත්ව සහතිකය පවා ඇයට අහිමි උනා.මනාලියන් සැරසීමේ තරගෙන් ඇයව ඉවත් කීරීමට කටයුතු කෙරුනා.
නැවත මෙවන් දේවල් නොකරන්න මිතුනිකා.අද ඔබ අපේ සොයුරියගේ වැදගත් දිනය මහන්සිය කැපකීම් මුදල් සියල්ලම විනාශ කර දැමූවා.ඇයට ඇගේ අධ්‍යාපන සහතිකය පවා අහිමි වූයේ ඔබ නිසයි.
මිතුනිකා ගැන දැඩි ලෙස සොයා බැලිමක් නොකර මැයව තෝරා ගත්තේ Professional Model කෙනෙක් යැයි සිතාය.නමුදු Professional Model යන තත්ත්වයට ඇය කිසිසේත්ම නුසුදුසු බවත් ,ඇයව තෝරා ගැනීම අපගේ දුර්වලකම බවත් පසක් වූයේ..මැය මින් පෙරද මෙවැනි අවස්ථාවල නොයෙකුත් ක්‍රියා කර පුද්ගලයන් විවිධ වූ අපහාසුතාවයක්ට ලක්කර ඇති බව,ඇගේ මෙම නොහොබිනා ක්‍රියාවෙන් පසු අපට එම මොහොතේ ඇයව දන්නා අයගෙන්ම දැන ගැනීමට ලැබුන නිසාවෙනි.
(මිතුනිකාව සම්බන්ධ කරගන්නා අය මින් ඉදිරියට දෙපාරක් සිතන්න.
මැය ගැන අප වෙන කිසිත් නොකියමු.
මිතුනිකා ඔබ,
මින් ඉදිරියට අන් කිසිවෙක් මෙලෙස අපහසුතවයන්ට පත් නොකරන්න.රාජකාරිය දේවකාරියටත් වඩා වටිනා බව දැන තාමාගෙ රැකියවට ගෞරවයක් දී වැඩ කරන්න.
අද දින අපගේ අනෙකුත් ශිල්පිනියන්ගේ මානාලියන් වූ ..තාමාගේ රාජකාරිය නොපිරිහෙලා ඉටුකල සියලූව මානාලියන්ට අපගේ හදපිරි ආදර ගෞරවය පිරිනමනවා.)"
COMMENTS