දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"රට සංවර්ධනය කරමින් ජනතාවට දුන් නිදහස දැන් අමතක වෙලා" - මනුෂ නානායක්කාර
Homeප්‍රවෘත්ති

"රට සංවර්ධනය කරමින් ජනතාවට දුන් නිදහස දැන් අමතක වෙලා" - මනුෂ නානායක්කාර

PropellerAds

වර්තමාන ආණ්ඩුව යටතේ ජනතාවට නිදහසේ ජීවත්වීම සදහා ලබාදී ඇති නිදහස පිළිබද කිසිවෙක් කතා නොකරන බවත් ජනතාවට එම නිදහස ලබාදී ඇත්තේ රට සංවර්ධනය කරන...

මම තමයි ජනාධිපති වෙන්න ඕන කියන සමහර ‘අවලෝකිතේෂ්වරලා’ ඉන්නවා... අපි තීන්දු කරපු විදිහටම සජබය එක්ක සන්ධානයක් ‌හදනවා! - ඩිලාන් අවසන් තීන්දුව රටට දැනුම් දෙයි!
සනත් නිශාන්තගේ මරණය සැකයි… පරීක්‍ෂණ කරන්න - බිරිද රහස් පොලිසියට!
රනිල් එක්ක හරි පොහොට්ටුව එක්ක හරි කිසිම දේශපාලන ගනුදෙනුවක් නෑ! ශ්‍රීලනිප වැඩබලන මහලේකම්ගෙන් විශේෂ ප්‍රකාශයක්!

වර්තමාන ආණ්ඩුව යටතේ ජනතාවට නිදහසේ ජීවත්වීම සදහා ලබාදී ඇති නිදහස පිළිබද කිසිවෙක් කතා නොකරන බවත් ජනතාවට එම නිදහස ලබාදී ඇත්තේ රට සංවර්ධනය කරන අතරවාරයේදී බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය  මනුෂ නානායක්කාර මහතා පැවසීය.

පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ තමන්කඩුව සිංහපුර මහා විද්‍යාලයේ පංතිකාමර ගොඩනැගිලි විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"2015 ජනවාරි 8 වෙනිදායින් පස්සේ රටේ වෙනසක් ඇතිවුණා. රටේ ආගම් අතර සංහිදියාවක් ඇතිවුණා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන්න පුළුවන් වුණා. අළුත් රජයක් බිහිවුණා. එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එකතු වෙලා සහජීවනයේ ආණ්ඩුවක් හැදුනා. සියළුම පක්ෂ එකට එකතු වුණා. ඒ එකතු වෙලා මහා සංවර්ධනයක් රටට ගෙනාවා. සංවර්ධනය ගේන ගමන් මිනිස්සුන්ට ජීවත්වීමේ අයිතිය ඇතිකළා. ඒක තමයි අපි අද වඩාත් කතා නොකරන වඩාත් වැදගත් දේ මිනිස්සුන්ට තියෙන නිදහස. තමන් කැමති ආගමක් ජාතියක් අදහන්න නිදහස ලැබුණා. බය නැතුව මුස්ලිම් ජනතාවට තොප්පිය දාගෙන යන්න පර්දාව ඇදගෙන යන්න අවශ්‍ය වටපිටාව නිර්මාණය වුණේ මේ පසුගිය අවුරුදු 3දි. ඒ සම්බන්ධයෙන් අපි ජනාධිපතිතුමාට වගේම රජයට ස්තූතිවන්ත වෙන්න ඕනි රටක් විදිහට සාමකාමීව ජීවත්වෙන්න පුළුවන් වුණාට. රට වටේම මේ වගේ දැවැන්ත සංවර්ධන කටයුතු ක්‍රියාත්මක වෙද්දි දරුවන්ගේ අධ්‍යාපනය වගේම, වකුගඩු ගැටළුව හා වාරි ක්ෂේත්‍රය, කෘෂි ක්ෂේත්‍රය වැනි මේ සියළුම ක්ෂේත්‍ර පිළිබදවත් එතුමා අවධානය යොමුකළා. එතුමා කෙලෙහිගුණ දන්න නායකයෙක් විදිහට ඔබලා 1989 වර්ෂයේ සිට එතුමාව හදලා වඩලා ජනාධිපති පදවියට ගෙනාපු උදවිය හැටියට මේ දිස්ත්‍රික්කයට සුවිශාල වැඩසටහන් රාශියක් ආරම්භ කළා. අවුරුදු තුනත් පහත් අතර ක්‍රියාත්මක කරන කඩිනම් සංවර්ධන ව්‍යාපෘතියක් හැටියට මේ වෙනකොට වැඩ අවසන් වුණ ව්‍යාපෘති 180ක තමයි පළවෙනිදා, දෙවෙනිදා, තුන්වෙනිදා කියන මේ දවස් තුනේ පිබිදෙන පොළොන්නරුව වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්කරන්නේ. මේ මුදල කෝටි 6000ක්. ඒ කියන්නේ ලක්ෂ 60000ක්. ඉතාමත්ම විශාල මුදලක්.

"මොරගහ කන්ද වගේ මහා වාරි ව්‍යාපෘති ආරම්භ කරනවා වගේම පාසලේ වැසිකිලි කැසිකිලිවලටත් එතුමගේ අවධානය යොමුවුණා. පාසලේ ජල ව්‍යාපෘති, පන්ති කාමර වලටත් එතුමගේ අවධානය යොමුවුණා. ගුරුවරුන්ගේ අඩුපාඩු පිළිබදවත් අවධානය යොමුවුණා. භෞතික සම්පත් වගේම මානව සම්පත් පිලිබදව අවධානය යොමුකළා. විශේෂ යුතුකමක් වශයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයට අවධානය යොමුවුණා. අද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආරම්භ වන මෙම වැඩසටහන් මගින් පොළොන්නරුව දිස්ත්‍රික්කය වඩාත් පිබිදීමකට ලක්වෙනවා. ඒකයි පිබිදෙන පොළොන්නරුව කියන්නේ. මහා පරිමාණ ව්‍යාපෘති අපි ආරම්භ කළා. නමුත් අපි බැලුවේ නෑ ගමේ මනුස්සයට වතුර ටික ලැබෙනවද කියලා ගමේ පාසලේ වහලේ තෙමෙනවද දරුවගේ පාසලට සෙවිලි තහඩු දුන්නද කියලා අපි හෙව්වේ නෑ. ගුවන් තොටුපොලවල් හැදුවා නැව් එන්නේ නැති නැවු තටාක හැදුවා. සම්මන්ත්‍රණ ශාලා හැදුවා. මේවට වඩා ගමේ මනුස්සයට දැනෙන දෙයක් කරන්න ජනාධිපතිතුමා බිහිකරපු පළාතට විශේෂ දෙයක් කරලා තියෙනවා. ගමේ වතුර ප්‍රශ්නය, වකුගඩු ප්‍රශ්නයේ ඉදලා හැම ප්‍රශ්නයකටම එතුමා තම අවධානය යොමුකළා."

මුදල් වෙන්කිරීම අතින් ගත්තොත් දිස්ත්‍රික්කයේ පාසල් 160ක් වැඩිදියුණු කරන්න ලක්ෂ 11371ක් පාසල් වැඩිදියුණු කරන්න වෙන්කරලා තියෙනවා. දිස්ත්‍රික්කයේ වැඩිදියුණු කළ රෝහල් සංඛ්‍යාව 15ක්. ඒ රෝහල් සදහා ලක්ෂ 18840ක්  වෙන්කරලා තියෙනවා. ජල සම්පාදන ව්‍යාපෘති 22ක් වෙනුවෙන් 3210ක් මිලියන වෙන් කරලා තියෙනවා. ප්‍රතිසංස්කරණය කරන ලද නාගරික හා ප්‍රාදේශීය මාර්ග වෙනුවෙන් මිලියන 16709ක් වෙන් කරලා තියෙනවා. ග්‍රාමීය මාර්ග සංවර්ධනය සදහා මිලියන 872ක් වෙන් කරලා තියෙනවා. වාරිනිම්නයන් 184ක් අලුත්වැඩියා කරන්න මිලියන 316ක් වෙන්කරලා තියෙනවා. ක්‍රිඩා පිටි හා ක්‍රිඩාගාර මිලියන 316ක වියදමින් හදලා තියෙනවා. ඊයේ අපි දැක්කා ඇවිදින මංතීරුවක් පොළොන්නරුව නගරයේ ආරම්භ වුණා. පොලොන්නරුවේ අය සෞඛ්‍ය සම්පන්න වෙන්න ඕනි නෑ කියලා ඒවා කොළඹට විතරයි තිබුණේ. අනෙකුත් පොදු සංවර්ධන ව්‍යාපෘති සදහා මිලියන 274ක් වියදම් කරලා තියෙනවා. ඒ අනුව තමයි කෝටි 6000ක මුදල එතුමා ලබාදීලා තියෙන්නේ. මීට අමතරව කර්මාන්ත ව්‍යාපෘති වෙනුවෙන් මිලියන 797ක්. නිශ්පාදන හා වෙළදපොල වැඩිදියුණු කිරීම සදහා  මිලියන 171ක්. ඒ වගේම නිවාසවල වැසිකිලි පහසුකම් සදහා මිලියන 1900ක් ලබාදීලා තියෙනවා. අඩු ආදායම් ලාභීන්ගේ නිවාස 300ක් හදලා තියෙනවා. ආබාධිත පුද්ගලයින්ගේ පවුල් සදහා මිලියන 100ක ප්‍රතිපාදන ලබාදීලා තියෙනවා. මේ වගේ විශාල මුදලක් ගමේ සංවර්ධනය සදහා ලබාදුන් එකම ජනාධිපතිතුමා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා විතරයි. මේවා දෙන්නේ ගමේ මිනිස්සු වෙනුවෙන්."යැයිද ඒ මහතා පැවසිය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "රට සංවර්ධනය කරමින් ජනතාවට දුන් නිදහස දැන් අමතක වෙලා" - මනුෂ නානායක්කාර
"රට සංවර්ධනය කරමින් ජනතාවට දුන් නිදහස දැන් අමතක වෙලා" - මනුෂ නානායක්කාර
http://am.lk/media/k2/items/cache/f80ec1811403affdc52e0d6e8961c8ae_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_97.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_97.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy