කොළඹ නගරයේ තිබෙන දෙමළ කුඩා පාසල් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් මහතා පැවසීය. දිවයිනේ තිබෙන සියලු...
කොළඹ නගරයේ තිබෙන දෙමළ කුඩා පාසල් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් මහතා පැවසීය.
දිවයිනේ තිබෙන සියලුම කුඩා පාසල් සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලේ අංගයක් ලෙස එය ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පසුගිය ආණ්ඩුවලින් අවධානය යොමු නොකරපු, මේ දක්වා සංවර්ධනය නොවූ දිවයිනේ කුඩා පාසල් කිහිපයක් මේ වන විට හඳුනාගෙන ඇති බවත් එම පාසල් කඩිනමින් සංවර්ධනය කිරීමට කටයුතු කරන බවත් ඔහු කීය.
කුඩා පාසල් සියලුම පහසුකම් සහිත පාසල් දක්වා දියුණු කිරීම සඳහා අවශ්‍ය කටයුතු සකස් කරන ලෙසට මේ වන විට බලධාරීන්ට උපදෙස් ලබා ඩි ඇති බවද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී.රාධක්‍රිෂ්ණන් මහතා පැවසීය.
COMMENTS