වෛද්‍ය සභාවට මානසික රෝගයක් ඇති බව පෝෂණ, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. ඒ ඊයේ (08) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට ...
වෛද්‍ය සභාවට මානසික රෝගයක් ඇති බව පෝෂණ, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
ඒ ඊයේ (08) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“වෛද්‍ය සංගමය මම හිතන්නේ මානසික රෝගයක් තියෙනවා. ඒකනේ වෛද්‍යවරු දැන් පෝස්ටර් ගහනවා. වෛද්‍ය සභාව පිහිටවලා තියෙන්නේ වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න නෙවෙයි පොදු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න. එතකොට මේ ගොල්ලෝ පෝස්ටර් ගහනවා මම විසුරුවා හරිනවා ඒ මොකද ඔය බොරු. ඒ ගොල්ලෝ කරන්නේ දේශපාලන පක්ෂවලින් කරන්නේ ඒ වගේ සෙල්ලම් මේ දාන්නේ. නොවෙන දෙයක් බලලා ඒක NGO කියලා, මේ මම හිතන්නේ සමන් රත්නප්‍රිය අද උදේ මට කතා කරලා කියනවා සර් මම මේ දන්නේ පෝස්ටර් එක ගැහුවම කියලා.”
COMMENTS