අමාත්‍යාංශවලට පත් කර ඇති අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට කාර්යාලයක් හා 07 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක්, නිළ වාහනයක්, ඉන්ධන දීමනා සහ දුරකථන දීමන...
අමාත්‍යාංශවලට පත් කර ඇති අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට කාර්යාලයක් හා 07 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක්, නිළ වාහනයක්, ඉන්ධන දීමනා සහ දුරකථන දීමනා ඇතුළු පහසුකම් ලබාදිය යුතු බවට ඉදිරිපත් වූ යෝජනාවක් ඊයේ (07) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
නිලධාරී කමිටුවකින් කරන ලද යෝජනාවක් පදනම් කරගෙන මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති බව ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරයි.
එම යෝජනාවට දැඩි විරෝධය පළ කර ඇති ජනාධිපතිවරයා ඊට ඉඩ දිය නොහැකි බව ද ප්‍රකාශ කර ඇත.
මහින්ද අමරවීර සහ නිමල් සිරිපාල ද සිල්වා යන අමාත්‍යවරුන් ද ජනාධිපතිවරයාගේ අදහස අනුමත කරමින් අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අදහස් දක්වා ඇති බව වාර්තා වේ.
ඇමතිවරුන්ගේ නඩු ගාස්තු
මේ අතර, ඇමතිවරුන්ට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරෙන මූලික අයිතිවාසිකම් නඩුවලදී ඔවුන්ට රජයේ වියදමින් පෞද්ගලික නීතිඥවරුන්ගේ සහය ලබා ගැනීමට අවසර දෙන ලෙස ඉල්ලා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවක් ද ජනාධිපතිවරයා ඊයේ ප්‍රතික්ෂේප කර ඇත.
අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇති අතර, ඒ පිළිබදව නීතිපතිවරයාගෙන් කරුණු විමසා මීළග අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී පිළිතුරක් ලබාදෙන බවට ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේය.
COMMENTS