සැත්කමකින් පසු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගිය බව ශ්‍රී ජයවර්ධනපුර රෝහ...
සැත්කමකින් පසු ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහල වෙත රැගෙන ගිය බව ශ්‍රී ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්ෂකවරයා පවසයි.
අධිකරණයට අපහාස කළේ යැයි කියන චෝදනා හතරකට වරදකරු කෙරුණු බොදුබල සේනා සංවිධානය ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වසර 19 ක සිරදඬුවම් නියම කළ අභියාචනාධිකරණය සිරදඬුවම වසර 6කින් ගෙවිය යුතු බව පසුගියදා නියම කළේය.
ඉකුත් 2016 වසරේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම පිළිබඳ නඩුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණයට අපහාසාත්මක අයුරින් හැසිරුණු බවට චෝදනා කරමින් එම අධිකරණයේ හිටපු මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
COMMENTS