සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සෙත්සිරිපායෙන් ඉවත් කර කොළඹ කැප්පෙටිපොළ මාවතේ පිහිටි මීට පෙර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ති...
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සෙත්සිරිපායෙන් ඉවත් කර කොළඹ කැප්පෙටිපොළ මාවතේ පිහිටි මීට පෙර පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තිබූ ගොඩනැගිල්ල වෙත ගෙන යාමට උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
අනුබද්ධ ආයතන 12ක් හා 170ක පමණ කාර්ය මණ්ඩලයක් සිටින සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට සෙත්සිරිපායේ ලබා ඩි ඇති ඉඩකඩ ප්‍රමාණවත් නොමැති නිසා මෙම තීරණය ගත බව අමාත්‍යංශය සඳහන් කරයි.
එම දෙපාර්තමේන්තුව වෙත විවිධ කාර්යයන් කර ගැනීම සඳහා දිවයිනේ විවිධ පෙදෙස් වල සිට පැමිණෙන කලාකරුවන් ආදී පිරිස් වෙත පහසුකම් සැපයීම ආදිය සඳහා ප්‍රමාණවත් ඉඩක් එහි නොමැති වීම ගැටළුවක් බවද අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව කැප්පෙටිපොළ මාවතේ පිහිටි ගොඩනැගිල්ල සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව වෙත පැවරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
COMMENTS