දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සූක්ෂ්මව කටයුතු කර මෛත්‍රීයි - රනිලුයි මහින්දව බේරාගත් හැටි ඇමැති කබීර් හෙළි කරයි
Homeප්‍රවෘත්ති

සූක්ෂ්මව කටයුතු කර මෛත්‍රීයි - රනිලුයි මහින්දව බේරාගත් හැටි ඇමැති කබීර් හෙළි කරයි

PropellerAds

වත්මන් ආණ්ඩුව බලයට පැමිණෙන විට හිටපු ජනාධිපතිවරයාට ප්‍රශ්න රාශියක් සමඟ තර්ජනවලට මුහුණදීමට සිදුව තිබූ බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය ...

තැපැල් වර්ජනේ සුළු මොහොතකින් අවසන්
සීනි බදු වැඩිවෙයි
රනිල් - මෛත්‍රී එක්ක පූජාවකට තිරුපති යයි
සූක්ෂ්මව කටයුතු කර මෛත්‍රීයි - රනිලුයි මහින්දව බේරාගත් හැටි ඇමැති කබීර් හෙළි කරයි

වත්මන් ආණ්ඩුව බලයට පැමිණෙන විට හිටපු ජනාධිපතිවරයාට ප්‍රශ්න රාශියක් සමඟ තර්ජනවලට මුහුණදීමට සිදුව තිබූ බව මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසයි.

විශේෂයෙන්ම විදුලි පුටුවට යැවීම, විදේශ රටවලට යෑමට බාධා එල්ල වීම ඇතුළු එම ප්‍රශ්න 2015 බලයට පැමිණි වත්මන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමාත් සූක්ෂ්මව කටයුතු කර එම ප්‍රශ්නවලින් එතුමාව නිදහස් කරගෙන රටට ස්වෛරීත්වයක් ඇති කර දුන්නේ යැයි ඇමැතිවරයා සඳහන් කළේය.

2015 ආණ්ඩුව භාරගන්නා විට සමස්ත ණය රුපියල් කෝටි 7,40,000ක් භාරගැනීමට සිදුවූ බවත් ඒ වන විට භාණ්ඩාගාරයේ තිබූ හිල වසා දමා ජනතාවට ලබාදෙන සහනාධාර වැඩිකොට, රටේ අවශ්‍යතාවට ගැළපෙන අයුරින් සංවර්ධන කටයුතු වඩාත් කඩිනම්ව හා කාර්යක්ෂමව සිදුකරගෙන ආ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඉඩම් හිමිකම් ඔප්පු 10,000ක් ජනතාවට ලබාදීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාවට ඔප්පු 1,560ක් ප්‍රදානය කිරීම නිමිත්තෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයේදී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.

එහිදී අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.
“මහින්ද රාජපක්ෂ පාලන කාලයේ කොළඹ වරායේ අධි ආරක්ෂිත කලාපයේ අක්කර 50ක භූමි ප්‍රමාණයක් සින්නක්කරව චීනයට ලියා දුන්නා. වත්මන් අගමැතිවරයා මැදිහත් වී එම සින්නක්කර ඔප්පුව බදු ඔප්පුවක් බවට පරිවර්තනය කර එය රටට සතු කර දුන්නා. එමෙන්ම රාජපක්ෂ පාලනය හමුදා මූලස්ථානය චීනයටත්, සෝමාවතියේ අක්කර 500ක් ඇමෙරිකාවටත් පවරා දුන්නා.

අගමැතිතුමා නිතරම කියන කතාවක් නම් අපි වර්තමානයට අනුව වෙනස් විය යුතු බව. හරි දේ, නිවැරැදි දේ කරන්න වෙනස්වීමට බිය විය යුතු නැති බවද හැම පුරවැසියකුටම ඉඩමක් නිවෙසක් රැකියාවක් සහිත ආදායම් මාර්ගයක් තිබිය යුතු බවද පක්ෂ, පාට, භේද නැතිව එම අවශ්‍යතා සපුරාලන්න අපේ ආණ්ඩුව කැපවී කටයුතු කරනවා.“ ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සූක්ෂ්මව කටයුතු කර මෛත්‍රීයි - රනිලුයි මහින්දව බේරාගත් හැටි ඇමැති කබීර් හෙළි කරයි
සූක්ෂ්මව කටයුතු කර මෛත්‍රීයි - රනිලුයි මහින්දව බේරාගත් හැටි ඇමැති කබීර් හෙළි කරයි
http://am.lk/media/k2/items/cache/75929eb1a07116046adc9fbf8550b600_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_727.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_727.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy